Image

චීන-ඇමරිකානු ජනපතිවරු අතර තවත් කෙටි හමුවක්

චීන-ඇමරිකානු ජනපතිවරු අතර තවත් කෙටි හමුවක්

අද (15) පෙරවරුවේ චීනයේ බෙයිජිං නුවර Zhongnanhai හි දී චීන සහ ඇමරිකානු ජනාධිපතිවරු කුඩා කණ්ඩායම් රැස්වීමකට එක් වූහ.

ට්‍රම්ප් ජනාධිපතිවරයා ගේ මෙවර සංචාරය ඓතිහාසික මෙන් ම සන්ධිස්ථානීය සංචාරයක් බවත්, දෙපාර්ශ්වය ම එක්ව චීන-ඇමරිකානු සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවර සබඳතා සඳහා එහිදී නව ස්ථානගත කිරීමක් නිර්වචනය කර ඇති බවත් ෂී ජින් පිං ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ස්ථාවර ආර්ථික සහ වෙළඳ සබඳතා පවත්වා ගැනීම, විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතා පුළුල් කිරීම සහ එකිනෙකා සැලකිලිමත් විය යුතු ගැටලු නිසි ලෙස විසඳීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ම වැදගත් එකඟතාවකට පැමිණි බව ද ඔහු පැවසී ය. එමෙන්ම, ජාත්‍යන්තර සහ කලාපීය කරුණු සම්බන්ධයෙන් සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වය ම කැමැත්ත පළ බවත් හෙතෙම සඳහන් කකළේ ය. මෙම සංචාරය අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනයට, අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කිරීමට සහ දෙරට ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇතැයි ෂී ජින් පිං මහතා වැඩිදුරටත් පැවසී ය.WhatsApp Image 2026 05 15 at 2.03.12 PM

තම චීන සංචාරය ඉතා සාර්ථක සහ අමතක නොවන එකක් බව ට්‍රම්ප් මෙහිදී සඳහන් කළේ ය.සිය සංචාරය තුළ දෙපාර්ශ්වය වැදගත් එකඟතා මාලාවකට සහ ගිවිසුම් ගණනාවකට එළඹුණු බවත්, බොහෝ ගැටලු ඒ ඔස්සේ විසඳා ගත් බවත් එය දෙරටට ම සහ ලෝකයට ම මහත් ප්‍රතිලාභයක් බවත් ඔහු පැවසී ය. ෂී ජින් පිං ජනාධිපතිවරයා තම පැරණි මිතුරකු බව පැවසූ ට්‍රම්ප්, තමා එතුමන්ට බෙහෙවින් ගරු කරන බවත්, දෙදෙනා අතර යහපත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බවත් ප්‍රකාශ කළේ ය. එමෙන්ම ඇමරිකානු-චීන සබඳතා ඉතා වැදගත් බවත් එය නිසැකව ම යහපත් අතට හැරෙනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ ය. ෂී ජින් පිං ජනාධිපතිවරයා සමග අවංක මෙන් ම පුළුල් සන්නිවේදනයක් අඛණ්ඩව පවත්වා ගැනීමට තමා කැමැත්තෙන් සිටින බවත්, වොෂින්ටන්හි දී ෂී ජින් පිං ජනාධිපතිවරයා පිළිගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු එහි දී වැඩිදුරටත් පවසා ඇත.

දිනුෂි ධීරසේන - චීන පුවත් සේවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න