ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවූ පළමු භූතාප තෙත් බිම ලෙස: අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය, බෝගමුයාය ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටා ඇති කපුරැල්ල උණුදිය තෙත්බිම් ප්‍රදේශය හඳුනාගෙන ඇත.
හෙක්ටයාර් 20.1ක භූමි ප්‍රමාණයක් සහිත මෙම තෙත් බිම් කොටස සංරක්ෂණය කර ගැසට් කිරීම සඳහා පරිසර අමාත්‍යංශය සහ ඊට අනුබද්ධිත ආයතන වන ජාතික ජල සම්පත් මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටී.
ලංකාවේ උණුදිය උල්පත් කුඩා පොකුණු ලෙස පැවතුණත්, කපුරැල්ලේ දී දක්නට ලැබෙන්නේ පුළුල් ප්‍රදේශයක් පුරා පැතිරුණු උණුදිය වගුරු ස්වභාවයකි. මෙහි දී දැකගත හැකිවිශේෂතිවය වන්නේ පොළොව අභ්‍යන්තරයේ ඇති පාෂාණ ස්ථර මගින් රත්වන ජලය, බුබුළු දමමින් මතුපිටට පැමිණෙන ආකාරය යි. මෙහි ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය තෙත්බිම් වලට වඩා වැඩි බැවින්, ඒ සඳහා ඔරොත්තු දෙන සුවිශේෂී බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජීවී විශේෂ මෙහි වාසය කරන අතර උණුසුම් පරිසරයක වැඩෙන ජලජ ශාක සහ විවිධ පක්ෂීන් රැසකට මෙම තෙත්බිම වාසස්ථාන සපයයි.




ලෝකයේ ඉතා සීමිත සංඛ්‍යාවක් පවතින මෙම භූතාප තෙත්බිම් සාමාන්‍ය තෙත්බිම්වලට වඩා වෙනස් වූ භූ විද්‍යාත්මක ලක්ෂණ දක්නට හැකියි. එබැවින් ලංකාවේ මේ වන තෙක් හඳුනාගන්නා ලද එක ම උණුදිය තෙත්බිම වන්නේ කපුරැල්ල තෙත්බිමයි. මෙම තෙත්බිම සංරක්ෂණය කිරීම ඔස්සේ භූ විද්‍යාව සහ උණුදිය උල්පත් පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ සඳහා අවස්ථාව විවර වන අතර පාරිසරික තිරසර සංචාරක කර්මාන්තයන් සඳහා ද අවකාශය උදාවනු ඇත.
අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි මෙම කපුරැල්ල උණුදිය තෙත්බිම සංරක්ෂණය කිරීමට අදාළ නිරීක්ෂණ කටයුතු පසුගිය 12වන දින පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මූලාශ්‍ර - Department of Government Information - Sri Lanka
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
