ඒකාධිපති පාලනයක් නම් කීයටවත් එපා - වාසු යළිත් කියයි !

ඒකාධිපති පාලනයක් නම් කීයටවත් එපා - වාසු යළිත් කියයි !

ඒකාධිපති පාලනයක් බලයට පැමිණියහොත් සමස්ථ රටම දැඩි අවධානමකට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කරයි.

ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළ අතර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ සිටින කිසිඳු පක්ෂයක්  එවැනි පාලනයක් අනුමත නොකරන බවද පැවසීය.

වමේ පක්ෂ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය, ද්‍රවිඩ සන්ධානය, එජාපය හෝ ශ්‍රීලනිප යන මේ කිසිඳු පක්ෂයක් ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටින්නේ නැති බව සඳහන් කළ මන්ත්‍රීවරයා ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටින්නේ වියත්මග සංවිධානයේ සිටින විශ්‍රාමික හමුදා නිලධාරීන් කිහිපදෙකෙකු, වෘත්තීයවේදීන් කිහිපදෙනෙකු ඇතුළු ධනපතියන් කිහිපදෙනෙකු බවද පැවසීය.

ඔවුන් ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටින්නේ උද්ඝෝෂණ, වැඩවර්ජන සහ අයිතිවාසිකම් සඳහා ගරු නොකරන පාලනයක් වෙනුවෙන් බවත් එවන් මර්දනකාරී පාලනයක් අනුමත කළ නොහැකි බවද ඔහු සඳහන් කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න