වැරදි 33 කට අදාළ  නව ස්ථානීය දඩ : අද සිට වැඩ 

වැරදි 33 කට අදාළ  නව ස්ථානීය දඩ : අද සිට වැඩ 

නව ස්ථානීය දඩ පත්‍රිකාව අද (15) දිනයේ සිට ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.

මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර  සදහන් කරන ආකාරයට නව ස්ථානීය දඩ පත්‍රිකාවට වැරදි 33ක් ඇතුළත් වන අතර මීට පෙර පැවති දඩ පත්‍රිකාවේ පැවතියේ  වැරදි 23ක් පමණි.

එසේම එම පැරණි පත්‍රිකාවේ  ඇතුළත්ව තිබූ වැරදි තුනක් නව දඩ පත්‍රිකාවෙන් ඉවත් කර ඇති බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර සිටියි.
එසේම  නව ස්ථානීය දඩ පත්‍රිකාවට අනුව අවම දඩය රුපියල් 500 දක්වා ඉහළ දැමීමට ද පියවර ගෙන ඇති බවද ඔහු අන්දහන් කරන අතර  වේග සීමා උල්ලංඝණය වන පරිදි රිය ධාවනයට මෙතෙක් රුපියල් 1000 ක්ව පැවති දඩ මුදල රුපියල් 3000 දක්වා ඉහළ දමා ඇති අතර දින 14 ක් ඇතුළත ගෙවීමට අසමත් වුවහොත් එම මුදල දෙගුණයක් වන බවද දැනගන්නට ඇත.

නව ස්ථානීය දඩ පත්‍රිකාව ඇතුළත් 2018 ජනවාරි 15 වනදා  නිකුත් කල ගැසට් නිවේදනය පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න