ශ්‍රීලනිප මහ ලේකම් වෙන්න : දයාසිරි අලුත් සූට් මහයි !

ශ්‍රීලනිප මහ ලේකම් වෙන්න : දයාසිරි අලුත් සූට් මහයි !

තමන්ට ශ‍්‍රීලනිප මහ ලේකම් ධූරය ලැබුණහොත්  නැවතත් පක්‍ෂය ශක්තිමත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර පවසයි.

කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර තමනට ජනපති මෛත‍්‍රි සමගින් එක්ව පක්‍ෂය ශක්තිමත් කිරීමේ හැකියාවක් ඇතැයිද සඳහන් කර ඇත.

කෙසේ වෙතත් එවන් තනතුරක් තමනට ලැබෙන්නේදැයි නොදන්නා බවද  මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ශ‍්‍රීලනිපයේ තාවකාලික මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතාගේ ධුර කාලය ජුලි 18 වනදායින් අවසන් වන අතර එතැන් සිට ශ්‍රීලනිප මහ ලේකම්ධුරය ලබා ගැනීමට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අපේක්ෂාවෙන් සිටින බවය.

ශ්‍රීලනිප ප්‍රතිසංවිධානය කටයුත්ත යටතේ පසුගිය ජුනි 03 වනදා රෝහණ ලක්ෂමන් තාවකාලිකව මහ ලේකම් ධුරයට පත්කර ඇත්තේ දින 45ක කාලයක් සඳහා පමණය.  එසේම මීට පෙර ශ්‍රීලනිප 16 කණ්ඩායම සමඟ කටයුතු කල දයාසිරි මන්ත්‍රීවරයා එම පාර්ශවයෙන් ඈත්ව නැවත ජනාධිපතිවරයා සමඟ සමීපවී ඇත්තේ ශ්‍රීලනිප මහ ලේකම්ධුරය ගැන ලැබී ඇති පොරොන්දුවක් මත බවද වාර්තා වෙයි.

16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වීම සඳහා පැවති සාකච්ඡා වලදී බැසිල් රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවට දයාසිරි මන්ත්‍රීවරයා සහභාගී නොවූ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ද ඔහු සහභාගීව සිටියේ නැත.

එසේම මේ වන විටත් දයාසිරි මන්ත්‍රීවරයා පඬුවස්නුවර ආසනයේ ශ්‍රීලනිප ආසන බලමණ්ඩල , ශාඛා සමිති පිහිටුවමින් සිටින බවත් පක්ෂයේ මහ ලේකම් තනතුර ලැබුණහොත් පක්ෂ සංවිධාන කටයුතු සිදුකිරීමට සැළැස්මක් මෙන්ම විශේෂ ඇඳුමක් ද  සකසමින් සිටින බවත් දැනගන්න ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න