නව ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත : දින තුනකින් මෙහෙයුම් කමිටුවට 

නව ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත : දින තුනකින් මෙහෙයුම් කමිටුවට 

නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව පිළිබඳ දළ කෙටුම්පතක් ලබන බදාදා (18) රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට භාරදීමට නියමිත බව වාර්තාවේ.

මෙහෙයුම් කමිටුවේ අවසාන ව්‍යාවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් වන මෙහෙයුම් කමිටු සාමාජිකයන්ගේ සාකච්ඡාවලට පාදක කර ගත හැකිවන පරිදි මෙම ‘දළ ව්‍යාවස්ථා කෙටුම්පත’ සකස් කරනු ලබන්නේ නව ව්‍යාවස්ථාව පිළිබඳව විශේෂඥ මණ්ඩලය විසිනි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව හා අනු කමිටු වාර්තා පදනම් කරගෙන මෙම දළ කෙටුම්පත සකසන බව වාර්තා වේ.

විවිධ පක්ෂ ඊට දැක්වූ වෙනස් අදහස් පිළිබඳ සටහනක්ද මෙම කෙටුම්පතට ඇතුළත්වේ.

මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සහ අනුකමිටු හයේ වාර්තා මත පදනම් වූ දළ කෙටුම්පතක් ඉදිරි සතියේ භාරදීමට කටයුතු කරන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

මෙම දළ කෙටුම්පත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද ඉදිරි සාකච්ඡා සදහා පාදක කර ගන්නා ලියවිල්ලක් පමණක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න  වැඩිදුරටත් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න