රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (03) දියත් කිරීමට නියමිත වැඩවර්ජනය සිදුකළ හොත් ඊට එරෙහිව තම සංගමය සමස්ත රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය සඳහන් කරයි.
එම සංවිධානය මේ බව සඳහන් කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය වෙත ලිපියක් යොමුකරමින්ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය කිරීමට අදාළව ඉදිරිපත්කර තිබෙන ඉල්ලීම් පිළිබදව තම සංවිධානයේ විරුද්ධත්වයක් නොමැති බවත් එහෙත් වර්ජනය මගින් වඩාත් පීඩාවට පත්වන්නේ මෙරට අහිංසක රෝගීන් වන බැවින් වැඩවර්ජනයෙන් රෝගීන්ට වන පීඩාව පිළිබදව නැවත සිතා බලන ලෙසද එම ලිපියෙන් අවධාරණය කර ඇත.
එසේම අයිතිවාසිකම් දිනාගැනීම සදහා සංවිධානය වීමට ආණ්ඩක්‍රම ව්‍යාස්ථාවේ 14 (1) ව්‍යස්ථාව මගින් පුරවැසියනට අයිතියක් දී ඇති නමුත් එම අයිතිය ආණ්ඩක්‍රම ව්‍යාස්ථාවේ 15(1) ව්‍යස්ථාව මගින් යම් සීමා කිරීම්වලට ලක්කරනු ලැබීම කෙරෙහි හා 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනතේ 32(2) වගන්තිය අනුව අත්‍යවශ්‍ය කර්මාන්තයක හෝ සේවාවක වැජවර්ජනයක් සිදු කරයි නම් ඊට දින 21 කට පෙර සේවායෝජකයාට ඒ පිළිබදව ලිඛිතය දැනුම්දිය යුතුය යන කාරණය ද හදිසි වැඩ වැරුමක් සිදු කිරීම සේවක විෂමාචාරයක් ලෙස සැළකිය හැකි බව ස්වාමි බයිල් එ.එහි සේවකයින් යන තීරණයේදී පිළිගෙන ඇති බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.
තවද හෘද රෝගයක් සදහා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රොහලේ ප්‍රතිකාර ලැබූ අපේ වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට "සුවපති"නම් අංතට්ටුව පැළදීමට කටයුතු කළ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් යැපෙන ඊනියා සෞඛ්‍ය වෘත්තීය සමිති වලට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ගැටලු නොපෙනුනාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි බුද්ධිමත් සංගමයකට රෝගීන්ගේ දුක් අදෝනා දැනීමට තරම් සංවේදී හදවත් ඇති බව තමන් විශ්වාස කරන බවද එම ලිපියේ සඳහන් වේ.