'කයිවාරුව විතරයි' : අඩුකළ බෙහෙත් මිල යළි වැඩිකරලා !

'කයිවාරුව විතරයි' : අඩුකළ බෙහෙත් මිල යළි වැඩිකරලා !

''රජය විසින් මිල අඩුකළ බෙහෙත් වර්ග 48 මිල නැවත වැඩිකරලා. අවසානයේ පාරිභෝගිකයාට ඉතුරු උනේ ඇමතිතුමාගේ කයිවාරැ විතරයි’ යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ විසින් නිකුත් කරන ලද නිවේදනයක එබව සඳහන් වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

2016 ඔක්තෝබර් 21 අංක 1989/61 අතිවිශේෂ ගැසට්පත මගින් අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 48 මිල අඩු කරන ලද අතර ඒ පිළිබදව විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දෙන ලද. සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සදහා විශාල මුදලක්ද වියදම් කර ඇත.

එහෙත් 2017 දෙසැම්බර් මස 14 දින අංක 2049/31 අති විශේෂ ගැසට් පත්‍රය මගින් නැවත එම බෙහෙත් වර්ග 48 මිල ඉහළ දමා ඇත.

මෙම නිසා මෙරට රෝගීන්ට මේවන විට බෙහෙත් මිලදී ගැනීමට සිදුව ඇත්තේ එම මිළ ගණන් වලටය.

බෙහෙත් වර්ග 48 ක මිල අඩු කිරීම නිසා ප්‍රමිතියකින් යුක්තව බෙහෙත් නිෂ්පාදනය කරන ලද සමහර සමාගම් දේශීය වෙළදපොලෙන් ඉවත් විය.

 ඇමතිට හිතවත් සමාගම් !

ඒ අනුව සිදුවූයේ බාල වර්ගයේ බෙහෙත් නිපදවන අඩු මිලක් නියමවි තිබූ බෙහෙත් වල මිල වැඩිවීමය. එම සමාගම් ඇමතිවරයාට හිතවත් සමාගම් බවටද විවිධ කතා ඇති විය.

කෙසේ වෙතත් අවසානයේ සිදු වූයේ අඩු මිලක් නියම වි තිබූ බෙහෙත් වර්ගවලට පිය පුතු අනුග්‍රයෙන් වැඩි මිලක් නියමවීමය.

අපට යහපාලන රජයෙන් ඇසිය යුතුව ඇත්තේ මෙරට ජනතාව ගොනාට ඇන්දවීම නවතා දමන්නේ කවදාද? යන්න හා ප්‍රචාරණ කටයුතු සදහා විශාල ලෙස චියදම් කරන ලද මුදල ගෙවන්නේ කවුද යන්න පමණි.''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න