ලංවිම ලොක්කන්ට කෝප් කමිටුව “ගොරවයි”

ලංවිම ලොක්කන්ට කෝප් කමිටුව “ගොරවයි”

පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේදී පවත්නා නීති සහ රෙගුලාසිවලින් පිටත ක්‍රියාකර ඇතැයි පවසමින් විදුලි බල අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් රැසකට කෝප් කමිටු සාමාජිකයන් විසින් දෝෂාරෝපණය කර තිබේ.

පසුගියදා විදුලි බල අමාත්‍යංශයේ ලේකම්වරයා සහ විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේ මෙලෙස දෝෂාරෝපණය කර ඇත.

ඇඹිලිපිටිය පෞද්ගලික බලාගාරයක් සමඟ ඇති කරගත් ගිවිසුම් අනුව නැවත විදුලිය මිලදී ගැනීමක් සඳහා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබී තිබිණි.

ඒ සඳහා විදුලි බල මණ්ඩලයෙන් රුපියල් කෝටි 540ක් වැය කිරීමට සූදානම් වී සිට ඇත. එහිදී කෝප් කමිටු සාමාජිකයන් එම ගනුදෙනුව වහාම නවතා දමා ඒ පිළිබඳව වාර්තාවක් නැවත කැඳවන අවස්ථාවේ ලබාදෙන මෙන් දැනුම් දී තිබේ. එසේම මෙවැනි ගනුදෙනු සිදුකිරීමේදී මීට වඩා අවධානයෙන් වැඩකටයුතු සිදුකරන ලෙසද දන්වා ඇත.

මේ අතර විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට ලබාදීමට නියමිත නියාමන ගාස්තු ලබා නොදීම ගැන ප්‍රශ්නයක් ඉස්මතු වුණි. එහිදි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා පවසා ඇත්තේ එම මුදල ගෙවීමට කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කරන ලෙසය.

ඔහු ඉවත් කරන තෙක් මුදල් ලබාදිය නොහැකි බවද සාමාන්‍යාධිකාරිවරයා මෙහිදී දැනුම් දී ඇත. එහෙත් කෝප් කමිටුවේ සාමාජිකයන් විදුලි බල මණ්ඩලයට දැඩිව පවසා ඇත්තේ පුද්ගලයන් සහ තනතුරු අල්ලා ගනිමින් රජයේ මුදල් අවභාවිත නොකරන ලෙසය. ඒ අනුව එම මුදල් හැකි ඉක්මනින් ගෙවන ලෙසත් දැනුම් දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න