බටහිර සිනමා පටවල අපි දැකලා තියෙනවා මිනිස්සු අතෑරලා දාපු, ගොඩනැඟිලි විතරක් ඉතිරි වුණු "Ghost Towns" නැත්නම් පාළු නගර. හැබැයි අපේ රටේ මධ්‍යම කඳුකරයේ අස්සකට වෙන්නත් එවැනි ම ඉරණමකට මුහුණ දුන්නු අපූරු නගරයක් තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියාද?
ඒ තමයි කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි "දේදුගල".
කාලය විසින් සඟවා ගත් අතීත ශ්‍රී විභූතිය...
1970 දශකය වෙනකොටත් දේදුගල කියන්නේ හරිම ජනාකීර්ණ, කාර්යබහුල නගරයක්. එදා මේ නගරයේ කඩසාප්පු 150කට වඩා තිබුණා. රෙදි කඩ, බාබර් සාප්පු, හෝටල් විතරක් නෙවෙයි, පාන්දර 6ට දේදුගලින් පිටත් වුණු බස් එක උදේ 9 වෙනකොට පිටකොටුවට යන තරමට ප්‍රවාහන පහසුකම් පවා දියුණු වෙලයි තිබුණේ.

එස්. කේ. කඩේ, බාවා කඩේ, කොච්චි මොහිදීන් කඩේ යනාදි නගරයම පිරුණු වෙළෙඳ ව්‍යාපාර එදා දේදුගල ආර්ථිකයේ පණ ගැන්වුම්කරුවන් වුණා.
නගරයක් මිය ගියේ කොහොමද?
ඕනෑම නගරයක් කාලයත් එක්ක දියුණු වෙන එක සාමාන්‍ය දෙයක් වුණත්, දේදුගලට වුණේ ඒකෙ අනිත් පැත්ත. වතු ජනසතු වීම: 1972 දී වතු රජයට පවරා ගැනීමත් එක්ක සුදු ජාතික වතු පාලකයන් රට හැර ගියා. ඒත් එක්කම වතු ආශ්‍රිතව තිබුණු ඒ "කඩිසර" බව නැති වෙලා ගියා.

මිනිසුන්ගේ නික්මයෑම: නගරයේ ප්‍රධාන ගනුදෙනුකරුවන් වුණු වතු කම්කරුවන් සහ මුස්ලිම් ව්‍යාපාරිකයින් ක්‍රමයෙන් නගරය අතහැර යෑම නිසා වෙළෙඳාම බිඳ වැටුණා.
මඟහැරුණු පාර: හැත්තෑව දශකයේ පැලම්පිටියට පාර හදනකොට දේදුගල නගරය මගහැරලා අලුත් පාර හැදීමත් එක්ක මේ නගරය තනිකරම හුදෙකලා වුණා.
අද ඔබ එහි ගියොත්...
අද දේදුගලට ගියොත් ඔබට දකින්න ලැබෙන්නේ ගුප්ත ස්වභාවයක්. ඉංග්‍රීසි පාලන සමයේ ඉදිකළ අලංකාර දෙමහල් ගොඩනැඟිලි අද දිරාපත් වෙමින් පවතිනවා. තාර පාරවල් පතුරු ගැලවිලා වල් බිහිවෙලා. එදා 150ක් තිබ්බ කඩවලින් අද ඉතිරි වෙලා තියෙන්නේ කඩ 5ක් වගේ සුළු ප්‍රමාණයක් විතරයි.
සංචාරකයකුට නම් පාරාදීසයක්!
නගරය පාළුවට ගියත් මේ අවට පරිසරය නම් හරිම සුන්දරයි. බුලත්කොහුපිටිය හරහා දේදුගලට යන ගමනේදී නළඟන ඇල්ල, රිටිගහ ඇල්ල, රුක්මල් ඇල්ල යනාදි දියඇලි රැසක් ඔබට දැකගන්න පුළුවන්. ඒ වගේම අඩි 4000ක් උස උඩපැලැම්පිටිය කඳු පන්ති මීදුමෙන් වැහිලා තියෙන හැටි හරිම අපූරුයි.

නළඟන ඇල්ල

රුක්මල් ඇල්ල
ලෝකය දියුණු වෙද්දී, ආපස්සට ගිය දේදුගල අදටත් සාක්ෂි දරන්නේ කාලය කියන්නේ ඕනෑම අධිරාජ්‍යයක් නටබුන් කළ හැකි දෙයක් බවටයි.

Kokila Withanathanthri
මෙම ලිපිය කියැවීමෙන් ඉක්බිති දේදුගල ඉතිහාසය පිළිබඳ ලියැවුණ අගනා කෘතියක් සිහිපත් වුණා. කෘතියේ නම මුඩු බිම් යදම්; කතුවරයා තිලකසිරිවර්ධන. ඔහු ගේ පරම්පරාවේ මුතුන් මිත්තන් තමයි මේ ගමේ ආදි පදිංචිකරුවන්.

අධිරාජ්‍යවාදින්ගෙන් සිදු වු ගැහැට දරාගැනීමට නොහැකිව වෙල්ලස්සේ සිට පලා ආ පිරිසක් තමයි මේ ගමට සේන්දු වෙලා, ඒය වාසස්ථාන කරගෙන නගරයක් දක්වා වර්ධනය කරන්නෙ. ඉතිං දේදුගල ඒ ඉතිහාසය දැනගන්න කැමති නම් මේ පොතත් කියවන්න.
අවධාරණය අපෙන්.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
