Language Switcher

V2025

2019 ජනාධිපතිවරණයට මහින්ද සූට් මහයි !

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර දෙවරක් ජනාධිපති ධූරය දැරූ පුද්ගලයෙකුට ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකිද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට කටයුතු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  පවසයි.

ඊයේ (18) පිළියන්දල පැවති උත්සවයකින් අනතුරුව මාධවේදින් නැගූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්විය හැකිද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිරණයෙන් උපදෙස් විමසීම සඳහා දේශපාලන ක්‍රියාකාරිකයන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සැරසෙන බවද වාර්තා වෙයි.

2015 වසරේ සම්මත කරන ලද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් යම් තැනැත්තකුට ජනපති ධූරය දැරිය හැකි වාර ගණන දෙකකට සීමා කර ඇති අතර නමුත්  එම ව්‍යවස්ථා සංශෝධනය සිදුව ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ධූරයෙන් ඉවත්ව සෑහෙන කලකට පසු බැවින් ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලපාන්නේ නැති බවට  තර්ක ඉදිරිපත් වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටින්නේ හිටපු ජනාධිපතිට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමේ ගැටළුවක් නැති බවය. එසේම  නීති විශාරද මතයද එය බව ඔහු සඳහන් කරයි.

නීති විශාරද මතය 

කෙසේ වුවත් අධිනීතිඥවරුන් වන ගෝමින් දයාසිරි මෙන්ම ක්‍රිෂ්මාල්  වර්ණසූරිය වෙතින් මේ පිළිබඳ අදහස් දැක්වීමේදී ඔවුන් සඳහන්කර ඇත්තේ නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට මහින්ද රාජපක්ෂට කිසිඳු අවස්ථාවක් නොමැති බවය.
එසේම එවැනි අවස්ථාවක් තිබේනම් ඒ බව එම පාර්ශවය කරුණු සහිතව ඉදිරිපත්කර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කල යුතු බවද ඔවුන් සඳහන්කර ඇත.

මහින්ද විතරයි : ඒකාධිපති ෆැන්ටසිය එහෙමයි 

මේ අතර දේශපාලන විචාරකයින් සඳහන්කර සිටින්නේ හිටපු ජනාධිපති ඒකාධිපති ෆැන්ටසියක සිට කටයුතු කරන්නෙක් බවත් එබැවින් ඔහු  තමන්ගේ කඳවුරටද බලය සම්බන්ධ කාරණයේදී "මං පමණයි" න්‍යායට අනුව හැසිරෙන බව මේ හරහා ඔප්පු වන බවය. ඒ අර්ථයෙන් රාජපක්ෂ හැර වෙනත් කිසිඳු නායකයකු එම පාර්ශවයේ නැති බවක් ගම්‍ය වන බවත් ඒ ගැන රාජපක්ෂ කඳවුරේ සිටින අනෙක් දේශපාලන නායකයින් හිස් මිනිසුන් මිස දේශපාලන සත්වයින් නම් නොවන බව ඔප්පු වන බවද ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වුවත් මේ බල වියරුව පරාජය කිරීම සහ ඒකාධිපති ෆැන්ටසිය පරාජය කිරීම මේ මොහොතේ දේශපාලන න්‍යාය පත්‍ර වල අංක එකේ කරුණ බවට පත්කර ගත යුතු බවත් එසේ නොවුවහොත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය බරපතල අවධානමකට ලක්වනු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

ඒකාබද්ධ මණ්ඩලේ කචල් නිසා බොරු ෂෝ කරළියට !

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන්කර සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය තුළ මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ජනාධිපති අපේක්ෂකයකු තෝරාගැනීම සම්බන්ධව පොදු එකඟතාවක් නොමැතිවීම හේතුවෙන් මෙවැනි යෝජනාවක් කරළියට ඉදිරිපත්කර ඇති බවය.
එසේම රාජපක්ෂ සහෝදරයන් අතර පවතින බල අරගලයත්, රාජපක්ෂ කෙනෙකු හැර වෙනත් කිසිවෙකුට එම අවස්ථාව ලබාදීමට රාජපක්ෂලා විරුද්ධවීමත් මීට බලපා තිබෙන බවද සඳහන්ය.

තවද   මේ වන විට ඒකාබද්ධ විපක්ෂය බරපතල දේශපාලන සෝදාපාළුවකට ලක්වෙමින් ඇති බවත් විශේෂයෙන් රාජපක්ෂලාගේ සැබෑ ස්වරූපය ජාත්‍යන්තර මාධ්‍ය හරහා අනාවරණය වීම මෙන්ම 2015 න් පසුව ආරම්භ කළ රාජපක්ෂ රෙජීම පාලන සමයේ දුෂණ වංචා සහ අපරාධ සම්බන්ධව විමර්ශන මේ වන විට අවසන් වාර්තා ලැබෙමින් තිබීමත් හමුවේ ඒවාට ඇති වන සමාජ අවධානය වෙනතක යොමුකිරීමට දැරෙන  උත්සාහයක් ලෙස මේ තත්ත්වය හඳුනාගත යුතු බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.