සංවර්ධන නිලධාරී  ඉල්ලීම්වලට රජයෙන් යහපත් ප්‍රතිචාරයක් !

සංවර්ධන නිලධාරී  ඉල්ලීම්වලට රජයෙන් යහපත් ප්‍රතිචාරයක් !

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ MN  4 වැටුප් තලය නියෝජනය කරන උපාධිධාරීන්ගේ වෘත්තීය ඉල්ලීම් 21 ක් මුල් කරගනිමින් සැප්තැම්බර් 12 දින දියත් කළ දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනය 100% ක් සාර්ථක බව රට පුරා ලැබුණ තොරතුරු අනුව පැහැදිළි වන බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සභාපති   චන්දන සූරියආරච්චි සඳහන් කරයි. නිවේදනයක් නිකුත්කරමින් සභාපතිවරයා මේ බව සඳහන් කරන අතර උද්ඝෝෂණයෙන් අනතුරුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් හා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්, ආයතන අධ්‍යක්ෂ ජනරාල්, අමාත්‍යාංශ අතිරේක ලේකම් ඇතුළු අමාත්‍යාංශ බලධාරීන් හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැය 2.00 කට ආසන්න කාලයක් සාකච්ඡා කරන ලද බවත් එම සාකච්ඡාවේදී සංගමය  ඉදිරිපත් කර තිබූ ඉල්ලීම් 21 න් බොහෝ ඉල්ලීම් ප‍්‍රමාණයකට විසඳුම් ලැබුණු බවද එහි සඳහන්ය.

එසේම එම එකඟතා හා තීරණ සැප්තැම්බර් 30 වන විට කි‍්‍රයාත්මක කරන බවටද එකඟවූ බවද එහි සඳහන්කර තිබේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

උසස් වීම් පටිපාටියක් සකස් කිරීම, සුදුසු රාජකාරී පැවරීම සම්බන්ධයෙන් ආයතන ප‍්‍රධානී වෙත චක‍්‍රලේඛයක් නිකුත් කිරීම, දෙවන භාෂා ප‍්‍රවීනතාවය සඳහා පවතින අසහනකාරී විභාග ක‍්‍රමය වෙනුවට පාඨමාලා ක‍්‍රමයක් දියත් කිරීම, වැඩ ආවරණය කිරීම වෙනුවට වැඩ බැලීම් හා ඒ සඳහා අදාළ දීමනා ලබාදීම, ක්ෂේත‍්‍ර රාජකාරී දීමනා හිමි නොවන පිරිස් සඳහා අදාළ ගෙවීම් කිරීමට එකඟ වීම, MN 4 ආශි‍්‍රත සේවා උපාධිධාරීන්ගේ රාජකාරී අධීක්ෂණය MN 4 ට වඩා පහළ වැටුප් තලයක් වන MN 2 වැටුප් තලයේ නිලධාරීන්ට පවරා තිබීම නතර කිරීම ඇතුළු ඉල්ලීම් බොහොමයකට විසඳුම් ලබාගැනීමට හැකිවිය.

ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ඉල්ලීම් කි‍්‍රයාත්ම කිරීමට එකඟ වූ දින වකවානු තුළ කි‍්‍රයාත්මක කිරීමට අදාළ බලධාරීන් කටයුතු කරනවාද යන්න පිළිබඳව අප සංගමය දැඩි සෝදිසියකින් කටයුතු කරන්නෙමු. අදාළ එකඟතා හා තීරණ එකඟ වූ දින වකවානු තුළ කි‍්‍රයාත්මක නොවූවහොත් එක්දින වැඩවර්ජනයෙන් එහාට යමින් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග ගන්නා බවට වැඩිදුරටත් දන්වා සිටිමු.

{gallery}mn5{/gallery}

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න