කාම්බෝජයේ ව්‍යාපාර ආරම්භ කරන්නැයි ලංකා ව්‍යාපාරිකයන්ට ආරාධනා ! 

කාම්බෝජයේ ව්‍යාපාර ආරම්භ කරන්නැයි ලංකා ව්‍යාපාරිකයන්ට ආරාධනා ! 

ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන්ට කාම්බෝජයේ ව්‍යාපාර ආරම්භ කරලීම සඳහා පැමිණෙන මෙන් ආරාධනා කළ කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් (H.E. Hun Sen) මහතා ඒ සඳහා සියළු පහසුකම් ලබා දීමට තම රජය කැමැත්තෙන් සිටින බව ද පවසා ඇත.

ඔහු මේ බව ප්‍රකාශකර ඇත්තේ ඊයේ  (13 වන දා) හැනෝයි නුවර ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ වන අතර දෙරට අතර ව්‍යාපාර කටයුතු ආරම්භ කරලීම සඳහා මූලිකත්වය ලබා දිය යුතු බවද ඔහු සඳහන් කර තිබේ.

අන්‍යෝන්‍ය ආයෝජන ආරක්‍ෂණ ගිවිසුමක් සකස් කරලීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

දෙරට අතර වීසා රෙගුලාසි ලිහිල් කරලීමේ මූලික පියවරක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික හා රාජකාරි ගමන් බලපත්‍ර වීසා වලින් නිදහස් කරලීමට ද  එහිදී අග්‍රාමාත්‍යවරුන්  එකඟත්වයකට පැමිණි බවද වාර්තා වෙයි.

එසේම 1979 වසරේ සිය ශ්‍රී ලංකා සංචාරය සිහිපත් කළ කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා, ඒ අවස්ථාවේදී වැඳ පුදා ගත් බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව ද සිහිපත් කර ඇති අතර දෙරට අතර ආගමික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට ද කටයුතු කළ යුතු බව දෙපාර්ශවයේම එකඟතාවක් ඇතිවූ බවද වාර්තා වෙයි.

මේ කාර්යයන් විධිමත් කරලීම සඳහා දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර කඩිනම් සාකච්ඡාවක් පැවත්වීමට ද තීරණය කෙරිණි.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්තා දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා මේ අවස්ථාට එක්වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න