මෛත්‍රී - ගෝඨා ඝාතන තැත : නාමල් කුමාරගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි !

මෛත්‍රී - ගෝඨා ඝාතන තැත : නාමල් කුමාරගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි !

මාකදුරේ මදුෂ්  නමැති පාතාල නායකයා යොදවා  ජනාධිපති  මෛති‍්‍රපාල සිරිසේනට හෝ  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු  ලේකම් ගෝඨාභය රාජපක්ෂට අනතුරක්  සිදුකළ හැකි බවට ත‍්‍රස්තවාදී විමර්ශන  ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති  නාලක සිල්වා මහතා  කළේ යැයි කියන  ප‍්‍රකාශය සම්බන්ධයෙන්  පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වා හෙළි කළ දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පැය 7 ට ආසන්න  කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක්   පසුගිය 14  වැනි දා  රාත්‍රීයේ 11.00 ට පමණ  මහතාගේ   වරකාපොළ නිවසට පැමිණ  මෙම ප‍්‍රකාශයට සටහන් කරගෙන තිබු අතර එම ප‍්‍රකාශ සටහන් කර ගැනීම 15 වනදා  පෙරවරු 6.15 පමණ තෙක් සිදුකර කර තිබෙන බවද දැනගන්නට ඇත.

පොලිස් විශේෂ  විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක්  මුලින්ම නාමල් කුමාරගේ  නිවසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර  නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න එම අවස්ථාවේ  නාමල් කුමාර මහතා දුරකතනයෙන් සම්බන්ධ කරමින්  ජනාධිපතිවරයා මෙම සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති බවත් තම පොලිස් කණ්ඩායමක්  ඔහුගේ නිවසට බල පැමිණෙන බවට දැනුම් දී ඇත.

එම දැනුම් දීම මත  විශේෂ  විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායම එම ස්ථානයෙන්   පිටත්ව ගොස් ඇති අතර රාති‍්‍රයේ අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම එහි පැමිණ  ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ ඉන් අනතුරුවය.

මෙම සිද්ධියට අදාළ  හඬපට ඇති  නාමල් කුමාරගේ ජංගම දුරකතනය හෙට (17) දින පෙරවරු 9.30 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙසට  නාමල් කුමාර වෙත දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න