තොරතුරු කොමිසමේ නියෝග පිළිනොපදින ආයතනවලට නඩු !

තොරතුරු කොමිසමේ නියෝග පිළිනොපදින ආයතනවලට නඩු !

තොරතුරු කොමිසමේ නියෝග පිළිනොපදින ආයතන සම්බන්ධයෙන් මෙතෙක් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ නමුත් ලබන වසරේ සිට එවැනි ආයතනවලට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව එම කොමිසම සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මේ බව සඳහන් කර සිටියේ  ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනයට සමගාමීව තොරතුරු අයිතිය හා තොරතුරු නීතිය පිළිබඳව සන්නිවේදනයේදී මාධ්‍යවේදියාගේ කාර්යභාරය මැයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් සංවිධානය කළ වැඩමුළුවක ප්‍රධාන දේශනය සිදුකරමිනි.

කොමිසම නඩුවක් විභාග කරද්දී ඊට පෙනී නොසිටීමත් දුන් නියෝග ක්‍රියාත්මක නොකිරීමත් දෑවුරුද්දක සිර දඬුවමකට හා රුපියල් පනස් දහසක දඩයකට යටත් කළ හැකි වරදක් යැයි ද එහිදී ඔහු සඳහන් කර ඇත. හැකි තරම් තොරතුරු දැනගැනීමේ අයැදුම්පත් පොදු අධිකාරින්ට යොමු කරන්නැයි ජනතාවගෙන් තමා ඉල්ලා සිටින්නේ යැයි කී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා  තොරතුරු යනු මහජන දේපළක් බවද  අවධාරණය කර සිටියේය. 

ඇතැම් රාජ්‍ය සේවකයන් තොරතුරු යනු පුද්ගලික බූදලයක් යැයි සිතා සිටින නමුත් තොරතුරු ලබාදීමේදී දකුණු ආසියාවේ හොදම ප්‍රතිචාරය ඇත්තේ ලංකාවේ යැයි ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න