Language Switcher

V2025

සංහිදියාව යනු කුමක්දැයි ඕමල්පේ සෝභිත හිමි ක්‍රියාවෙන් ඔප්පු කරලා - අගමැති 

යුද්ධයකට මුහුණ පා ජාතීන් අනුව බෙදී වෙන්වු  සියළු ජාතීන් එකට එක්වීම පැය 24කින් සිදු වන්නේ නැති බවත්  සංහිදියාව එතරම් ඉක්මනින් ඇති වන්නේ නැතුවා මෙන්ම එය දුෂ්කර ගමනක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

කෙසේ වුවත් අප රට  පියවරින් පියවර ඉදිරියට යා යුතු බවත් ඒ හරහා සංහිදියාව ඇති කර ගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

රක්වාන, හැදර්ලි වතුයායේ දමිල දරුවන් සඳහා ඉදිකළ ශාන්ති ළමා නිවාසය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඊයේ (16)  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කල අතර එහිදී ඕමල්පේ සෝභිත හිමියන් වතුකරයේ දරුවන්ට කරන සේවය ඉතා සුවිශේෂ බවද පවසා ඇත.එහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා මෙසේද සඳහන් කර ඇත.ඕමල්පේ සෝභිත හිමියන් වතුකරයේ දරුවන්ට කරන සේවය ඉතා සුවිශේෂයි.

මෙය උන්වහන්සේ අසරණ දරුවන් වෙනුවෙන් සිදු කරන පළමු සේවාව නොවෙයි. උන් වහන්සේ එවැනි ආයතන කිහිපයක් ඇති කර තිබෙනවා. ඒවා නිසා නායක ස්වාමීන්වහන්සේට අපි අපේ ස්තුතිය ප්‍රකාශ කරනවා.අද දිනයේ මෙවැනි ළමා නිවාසයක් විවෘත කිරීමේ පුණ්‍ය කර්මයකට සහභාගිවීමට අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටට පත්වෙනවා. මෙම අවස්ථාව මට ලබා දුන්නේ ඕමල්පේ නායක ස්වාමීන් වහන්සේයි. වතු ආර්ථිකයෙන් ජීවත්වන ජනතාවගේ ළමුන් වෙනුවෙන් මෙම ළමා නිවාසය ඉදිකර තිබෙනවා.

සංහිදියාව යනු කුමක්දැයි ඕමල්පේ සෝභිත හිමි ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා. අපට සංහිදියාව පිළිබදව වචනයෙන් කතා කළ හැකි වුවත් එය ක්‍රියාවෙන්ද ඔප්පු  කළ යුතුයි. මෙම වැඩ කටයුත්ත සඳහා මැලේසියාවේ බෝධිරාජ පදනමද ආධාර කර තිබෙනවා.

ඒ වගේම ජර්මනියේ මියුනිච් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැතිව් කෙස්ලර් මැතිතුමා සහ ඔහුගේ ශිෂ්‍යයින්ද මෙම ශාන්ති ළමා නිවාසය ඉදි කිරීමට අවශ්‍ය සහයෝගය දැක්වූවා. අපි රට තුළ සංහිදියාව ඇතිකර ගෙන තිබෙන බවට හොඳම උදාහරණයක් ලෙස මෙය පෙන්වා දිය හැකියි.

යුද්ධයකට මුහුණ පා සිටි අපි විවිධ ජාතීන් අනුව බෙදී වෙන්වුණා. දැන් සියළු ජාතීන් එකට එක්වීම පැය 24කින් සිදු වන්නේ නැහැ. සංහිදියාව එතරම් ඉක්මනින් ඇති වන්නේ නැහැ. එය දුෂ්කර ගමනක්. නමුත් අප පියවරින් පියවර ඉදිරියට යා යුතුයි. සංහිදියාව ඇති කර ගත යුතුයි. මෙම ශාන්ති ළමා නිවාසය හරහා අප එම ගමනේ පියවර කිහිපයක්ම ඉදිරියට පැමිණි බව පැවසිය යුතුයි.

ඕමල්පේ සෝභිත හිමියන් වතුකරයේ දරුවන්ට කරන සේවය ඉතා සුවිශේෂයි. මෙය උන්වහන්සේ අසරණ දරුවන් වෙනුවෙන් සිදු කරන පළමු සේවාව නොවෙයි. උන් වහන්සේ එවැනි ආයතන කිහිපයක් ඇති කර තිබෙනවා. ඒවා නිසා නායක ස්වාමීන්වහන්සේට අපි අපේ ස්තුතිය ප්‍රකාශ කරනවා.

රජයක් ලෙස විවිධ ගැටළුවලට මුහුණ පෑමට සිදු වුවත් සමාජ සුභ සාධනයට අවශ්‍ය මුදල් වෙන් කිරීම අප වැඩි කර තිබෙනවා.රටේ සෞඛ්‍ය අංශයට යොදවන මුදල් වැඩි කිරීමට, ඖෂධ ගණනාවක මිල අඩු කිරීමට, නොමිලේ ස්ටෙන්ට් ලබා දීමට අප කටයුතු කර තිබෙනවා.ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ළඟම පාසල හොඳම පාසල ආදී ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. ශිෂ්‍යයන්ට රක්ෂණාවරණයක් ලබා දී තිබෙනවා. 

ළදරු අධ්‍යාපනය වෙත අපේ රජයේ අවධානය වැඩි වශයෙන් වෙත යොමු කළ යුතුයි. දරුවෙකු පාසලට ඇතුල් වන්නේ අවුරුදු 5 දියි. දරුවාගේ මානසික සෞඛ්‍ය දියුණුව ඇති වන්නේ එම කාලයේදීමයි. එම නිසා ළදරු අධ්‍යාපනයට අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ළදරු අධ්‍යාපන ආයතන සහ දිවාසුරැකම් මධ්‍යස්ථාන 2000ක් ආරම්භ කිරීමට අප කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහන් අප සීමා කරන්නේ නැහැ. ළදරුවන්ට ආධාර උපකාර කිරීමේ වැඩසටහන් අපි ඉදිරියටත් සිදු කරනවා. මේ හරහා රට වෙනුවෙන් හොඳ තරුණ පරපුරක් අපි ඇති කරනවා. ඒ වෙනුවෙන් ළදරු වියේ සිට අප දරුවන් හැඩගැස්විය යුතුයි.

ඒ වෙනුවෙන් සැලැස්මක් ඇතිව මුදල් වියදම් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පුහුණු ගුරුවරුන් සහ පුහුණු පාලකයින් ආදිය බඳවා ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. සංහිදියාව ඇති කිරීමට අප ගන්නා පියවර ඉතා වැදගත් වෙතත් රටවල්වල දරුවන්ට සංහිදියාව පිළිබඳ සංකල්පය ලබා දෙන්නේ ළදරු වියේ සිටයි. ළදරුවන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති සකස් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.

02 2