Language Switcher

V2025

ජාතියේ ගෙලට වද මාල දාන්න දෙන්න බෑ : වීරවංශත් මහින්දට බැට දෙයි !

ඉන්දියාව විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ ගෙලට මල්මාලා දැමීම ගැන ප්‍රශ්නයක් නැති නමුත් ජාතියේ ගෙලට වදමල් මාලා දැමීමට එකඟ නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ  සඳහන් කරයි.  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කල විමසීමේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොටුව අධිකරණය හමුවේ නඩු කටයුත්තක් වෙනුවෙන් ඊයේ (17) පෙනී සිටීමෙන් අනතුරුවය.  

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයෙදී සිදුකල දෙබිඩි ප්‍රකාශත් එහිදී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ  අනාගත නායකයා බවට පෙන්වීමට ගත් උත්හසයත් ඒකාබද්ධ නායකයින්ගේ නොසතුටට හේතුවී ඇතිබවද වාර්තා වෙයි.

 මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, කුමාර වෙල්ගම එළිපිටම මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ සම්බන්ධව විරෝධය දක්වා ඇති අතර  විමල් වීරවංශ, චන්දිම වීරක්කොඩි, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධයේ රැසක් රාජපක්ෂලාගේ හැසිරීම් සම්බන්ධව විරෝධයකින් පසුවන බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මහින්දගේ රෑ දනියෙල් දවල් මිගෙල් ප්‍රකාශ 

 මේ අතර  මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාවට ගොස් අනුගමනය කරන්නේ රෑ දනියෙල් දවල් මිගෙල් ක්‍රමවේදය බවත් අදත් එම ක්‍රමවේදයම අනුගමනය කරමින් එක පැත්තකින් ඉන්දියාව රවටමින් තවත් පැත්තකින් ශ්‍රී ලංකාවේ ජනතාව රවටන බවට එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා ද සඳහන් කර තිබිණ.

 රාජතාන්ත්‍රික රැවටීම් 

එවකට   මන් මෝහන් සිං මහතා ඉන්දීය අගමැතිවරයාව සිටි අවධියේ මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාවට ගොස් 13 ඉක්මවා ගිය විසඳුමක් ලබාදීමට ප්‍රතිඥා ලබාදුන් අතර නමුත් ඔහු පසුව ලංකාවට පැමිණ කියා සිටියේ බලය බෙදීමට තමන් එකඟ නොවූ බවය.

මේ ආණ්ඩුව බලයට පැමිණි පසු මෝදි අගමැතිතුමා ලංකාවට පැමිණෙන අවස්ථාවේ මුළු රටම කළු කොඩිවලින් පුරවන්න ඕනෑ කියා කියන තැනට රාජපක්‍ෂ මහත්තයාගේ අග්‍ර පුරෝහිත විමල් වීරවංශය. සාමාන්‍යයෙන් වීරවංශ කට අරින්නේ මහින්දගේ උපදෙස් මත බව දන්නා ඒකාබද්ධ විපක්ෂයේ සිටි කිසිවෙක් එදා මෝදී අගමැති එන විට ඒකාබද්ධය දැක්වූ විරෝධය හෙළාදුටුවේ නැත. ඊට විරෝධයක් දැක්වූයේද නැත.

එහෙත් පසුගියදා ඉන්දියාවට ගිය මහින්ද මහත්තයා තමන්ට තිබූ ඉන්දීය විරෝධය බල තණ්හාව මත ජනතාව නොමඟ යැවීමේ අපේක්ෂාවෙන් සිදුකල අමු බොරුවක් බව තහවුරු කර තිබේ.

දෙබිඩි මහින්ද  

මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙබිඩි පිළිවෙතින් අරමුණු කෙරෙන්නේ ඉන්දියාව පමණක් නොව මෙරට ජනතාවද රවටා මුළා කිරීම බව මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් රැසකගේද මතය වී ඇත.

එසේම තම පුත්‍රයාගේ වයස මදිවීම හේතුවෙන් සහෝදරයෙකුට එම අවස්ථාව ලබාදෙන බව පැවසීමෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියළු ජේෂ්ඨයින් හෑල්ලුවට ලක්කර ඇති බවද ඔවුන්ගේ අදහසවී තිබේ.

එයින් පැහැදිලි වන්නේ පොහොට්ටු  පක්‍ෂයේ අවස්ථාව තියෙන්නේ රාජපක්‍ෂලාට පමණක් බවට යන්න ගැනද ඊට වඩා සාක්ෂි අවශ්‍ය නැත.