Language Switcher

V2025

වැලිකඩ ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින  හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ලබන මස 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට අද (18) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.