ලෝක තෙල් මිල අඩු වුණොත් එහි වාසිය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එදා තෙල් මිලට වඩා අද තෙල් මිල වැඩි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් දැක් වූ අදහසට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද පවසා ඇත.
“තෙල් මිල ගැන ප්‍රශ්නයක් ඇසුවා. ලෝකෙම ඩොලර් එක ශක්තිමත් වෙලා,අනෙකුත් මුදල් සියල්ලම පහළ වැටී තිබෙනවා. පාකිස්තනය,ඉන්දියාව වැනි රටවලට මෙය සිදුව තිබෙනවා. ඩොලරය නැගලා තිබෙනවා. බදු මිල ඉහළ ගොස් තිබෙනවා. අවශ්‍ය නම් වෙනම විවාදයක් දෙන්නම්.රුපියල් 2000 ජීවත් වෙන්න පුළුවන් කිව්වා. එද තෙල් විකුණන කොට ගත් ලභය දෙස බලන්න. විශාල ලාභයක් ගත්තා. ලෝක තෙල් මිල අඩු වුණොත් එහි වාසිය දෙනවා“

