පුටු ගායට දෙවැනි නොවන "ඉසුරගේ" දොර ගාය

පුටු ගායට දෙවැනි නොවන "ඉසුරගේ" දොර ගාය

බස්නාහිර පළාත් සභාවේ සභාපති පිවිසුම් දොරේ වටිනාකම රුපියල් කෝටියක් නොව රුපියල් 83,76,000ක් පමණක් යැයි මහඇමති ඉසුර දේවප‍්‍රිය  අද (18) බස්නාහිර පළාත් සභාවේ දී පවසා ඇත.

ඒ දොරෙහි වටිනාකම හා එහි ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි  යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙම දොරෙහි ඇස්තමේන්තුව 72,00,000ක් වන අතර මේ වන විට එයට ගෙවා ඇති මුදල 83,76,000ක් බවද සියලූ ඉදිකිරිම් සඳහා සම්බන්ධ වුයේ එකම සමාගමක් වන බැවින් මෙම දොරද එම සමාගම මගින් නිර්මාණය කරවන ලද බවද එහිදී මහඇමතිවරයා පවසා ඇත. 

තමන් වෙත ලැබී තිබෙන වාර්තාවේ 83,76,000 සටහන් වන්නේ දොර වෙනුවෙන් දැනට ගෙවා ඇති වටිනාකම ලෙස බැවින් මෙයට තවත් මුදලක් ගෙවන්නට සිදුවේදැයි සැකයක් ඇතැයි නිපුණ ආරච්චි මන්ත්‍රීවරයා පවසා ඇති  අතර එහිදී මහඇමතිවරයා පවසා ඇත්තේ   මේ වන විට දොරට අදාල සියලූ මුදල් ගෙවා ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න