ජනපති ඝාතන තැත සුළුවෙන් තකන්න බෑ - මහින්ද

ජනපති ඝාතන තැත සුළුවෙන් තකන්න බෑ - මහින්ද

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් ගැන කර ඇති හෙළිදරව්ව සුළු කොට තැකිය නොහැකි භයානක දෙයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසීය.

අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

දුෂණයට, මත්ද්‍රව්‍යවලට එරෙහි ප‍්‍රතිපත්තිගරුක නායකයෙක් වන ජනාධිපතිවරයාට එවැනි තර්ජන පැවතිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළ බවට නාමල් කුමාර නැමති අයෙක් විසින් කර ඇති හෙළිදරව්ව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව කී ඇමතිවරයා එම පරීක්‍ෂණවලදී ජනාධිපතිවරයාට එවැනි තර්ජනයක් පවතින බව හෙළිවුවහොත් ඔහුගේ ආරක්‍ෂාව ප‍්‍රමාණවත් ද යන්න ගැන වගකිවයුත්තන් තීරණයක් ගත යුතු බව ද පවසා ඇත.

රටේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත් නායකයා වන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කර ඇති එම හෙළිදරව්ව ගැන පක්‍ෂයේ සියලූ දෙනා තුළ යම් බියක් තිබෙන බවද අමාත්‍යවරයා පවසා ඇති අතර මෙම හෙළිදරව් කළ සිද්ධිය සම්බන්ධයෙන් හෙළි කර ඇති හඬපටවල ඇති හඬ කාගේද යන්න නවීන තාක්‍ෂණය යොදාගෙන හඳුනාගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පියවර ගැනෙනු ඇතැයි ද පවසා තිබේ.

එමෙන්ම නඩු ගොනු කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්‍ෂි හෝ නොමැතිව රණවිරුවන් අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ කාගේ උවමනාවකටද යන්න සොයාබැලිය යුතු බවත්, එය සැහැල්ලූවට ගත හැකි තත්ත්වයක් නොවන බවත් අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න