'සනීපාරක්ෂක තුවා' සඳහා පනවා ඇති බදු ඉවත් කරන්න - අපේ ශ්‍රී ලංකා

 'සනීපාරක්ෂක තුවා' සඳහා පනවා ඇති බදු ඉවත් කරන්න - අපේ ශ්‍රී ලංකා
මෙරට 52%ක් පමණ වන කාන්තා ජනගහනය තම ජිවිත කාලයේ දී අනිවාර්යෙන් අත්විඳින ආර්ථවය සඳහා අත්‍යවශ්‍ය කාන්තා 'සනීපාරක්ෂක තුවා' (Sanitary Pads) සඳහා පනවා ඇති බදු ඉවත් කිරීම  පිළිබඳව රජයේ අවධානය යොමුකල යුතුව ඇති බව අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති විමුක්ති දුෂාන්ත පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ  අද (18) සමාජ සහ සාමයික කේන්ද්‍රයේ දී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අමතමිනි.                                                                                             
කාන්තා 'සනීපාරක්ෂක තුවා' (Sanitary Pads) සඳහා පනවා ඇති බදු ඉවත් කර ගැනිම පිළිබඳව රජයේ අවධානය යොමු කර ගැනිම සහ ලිංගික සෞඛ්‍ය සම්බන්ධයෙන් පවතින අර්බුධයන් පිළිබඳව අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සම්බන්ධීකරණයෙන් පැවති එම මාධ්‍ය හමුවට කාන්තා ක්‍රියාකාරීනී, පාඨශාලා ආචාරිනී ඩයනා හෙට්ටිආරච්චි, Sex Edu.lk සහ Sex Faculty ලිපි මාලාවේ සංස්කාරක රවිදු ප්‍රනාන්දු යන පිරිස ද මෙම අවස්ථාවට සහභාගී විය.
එහි දී අදහස් දැක්වු විමුක්ති දුෂාන්ත,
"මේ රටේ කාන්තාවන්ට 25% ක දේශපාලන සහභාගිත්වය තහවුරු කිරීම වගේ කාරණා ගැන තිබෙන උනන්දුව මේ වගේ සංවේදී ඒ වගේ ලෝකයේ බොහෝ රටවල අවධානය යොමු වුණ ප්‍රශ්නයක් ගැන අපේ රටේ මාධ්‍ය හෝ බලධාරීන් සංවේදී නොවීම ලැජ්ජාවට කාරණාවක් ලෙසයි මම දකින්නේ. 
මේ රටේ ජනගහනයෙන් බහුතරය කාන්තාවන්. එය ප්‍රතිෂතයක් විදිහට ගත්තොත් 52% ඉක්මවා ගිය ගණනක්. මේ පිරිස තම ජිවිත කාලයෙන් හරි අඩකටත් වැඩි කාලයක් මාසිකව මෙම සංසිද්ධියට මුහුණ දෙනවා. 
වැට්, සෙස් රේගු බදු විතරක් නෙමෙයි, ජාතිය ගොඩනැඟීමේ බද්දත් සනීපාරක්ෂක තුවා සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයන්ට පැනවෙනවා. 
ඉන්දියාවේ මේ සම්බන්ධයෙන් තිබුණේ 12% ක බද්දක් පමණයි. ඒ බදු මුදලත් ඉවත් කරන්න ඉන්දියාව පසුගිය දා කටයුතු කරා. නමුත්, අපේ රටේ සනීපාරක්ෂක තුවා සඳහා පැනවෙන බද්ද 100% කටත් වැඩියි. 
ලෝකයේ  බොහෝ රටවල කාන්තාවන්ට, පාසල් දරුවන්ට නොමිලයේ සනීපාරක්ෂක තුවා ලබා දෙනවා. අපි ඉල්ලන්නේ නිකන් දෙන්න කියලා නෙමෙයි. මේ සඳහා බදු සහනයක් දෙන්න කියලා. මුදල් ඇමැතිවරයාගෙන් අපි මේ ඉල්ලිම කරන්නේ එතුමා නූතන වාදී දැක්මක් තියන මනුස්සයෙක් කියලා අපි විශ්වාස කරන නිසා.
එක්සත් ජාතීන්ගේ සහ වෙනත් වාර්තා අනුව සනීපාරක්ෂක තුවා භාවිතා කරන්නේ කාන්තවන්ගෙන් 30%කට පමණ ආසන්න ප්‍රමාණයක්. මේක මේ රටේ සෞඛ්‍යයට ලොකු ගැටළුවක්.
මම කියන්නේ නැහැ 70%කට ආසන්න ප්‍රමාණයක් සනීපාරක්ෂක තුවා භාවිතා නොකරන්නේ මිල අධික වීම නිසා පමණයි කියලා. එයට අපේ රටේ තියන විවිධ සමාජ පසුගාමිත්වයන් ද බලපානවා. නමුත් අපිට පුලුවන් මේ සම්බන්ධ කථිකාවතක් නිර්මාණය කරලා කාන්තාවන්ගේ  ‘පීරියඩ් පවර්ටි’ හෙවත් ‘ආර්තව දුගී බව’ මුලිනුපුටා දමන්න."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න