නාමල් කුමාර පොලිස් ඔත්තුකරුවෙක් : ඇමති රාජිත කියයි !

නාමල් කුමාර පොලිස් ඔත්තුකරුවෙක් : ඇමති රාජිත කියයි !

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා  විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කලේ යැයි චෝදනා එල්ල කරන නාමල් කුමාර මහතා පොලිස් ඔත්තුකරුවෙකු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය  රාජිත සේනාරත්න  පවසයි.

ඊයේ (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත.

රෝගින්‍යා සරණාගතයන් ගැන ඔත්තු දීම සම්බන්ධයෙන් ඔහුට රුපියල් ලක්ෂ 05ක මුදලක් ගෙවා ඇති බවත් මහනුවර ඇතිවූ සිංහල මුස්ලිම් ගැටුම ලබා දුන් තොරතුරු සදහා මුදල් ගෙවීමට තවමත් නොහැකි වූ බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

එනිසා මෙම චෝදනා එල්ල කරන පුද්ගලයන් ගැනද රජයට වැටහීමක් ඇති බවද ඔහු සඳහන් කළේය.

එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළේ යැයි හෙලිදරවු කර ඇති දුරකතන සංවාදයේ අඩංගු කටහඩ තමන්ගේ නොවන බව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සඳහන් කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

කෙසේ නමුත් එල්ල වී ඇති චෝදනා මත නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ වන විට අනිවාර්යය නිවාඩු යවා ඇති අතර පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයත්ද ක‍්‍රියාත්මක කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න