1947 සිට බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම තමන්ගේ ආණ්ඩු බලය ආරක්ෂා කර ගැනීමට උතුරු නැගෙනහිර මහජන නියෝජිතයන් භාවිතා කළා මිස එහි ජනතාවගේ ආර්ථික සහ සංවර්ධන ගැටලූ විසඳීමට හැකි නිසි දේශපාලන නියෝජනයක් සඳහා පසුබිම නිර්මාණය කර නොදුන් බව ජනාධිපතිතුමා පවසයි.
එබැවින් උතුරු නැගෙනහිර ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ එම සෑම රජයක් යටතේම යොමු කෙරුණේ අඩු අවධානයක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා උතුරු නැගෙනහිර ජනවාර්ගික ගැටලූව ඇතිවීමට හේතු වූ කරුණු ගණනාවක් අතරේ, නිසි දේශපාලන නායකත්වයක් එම පළාත් තුළින් නියෝජනය නොවීම ද එක් ප‍්‍රධාන හේතුවක් වූ බවද පෙන්වා දුන්නේ ය.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ පුළුල් සංවර්ධනයක් ඇතිකිරීම වෙනුවෙන් ආරම්භ කළ ,සිරිසර පිවිසුම, සංවර්ධන වැඩසටහන යටතේ නිම කෙරෙැණු තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ඊයේ (20) ජනතා අයිතියට පවරා දෙමිනි.
යම් දිස්ති‍්‍රක්කයක් සංවර්ධනය කරා ගෙනයාමට එම දිස්ති‍්‍රක්කය තුළින් එක් කැබිනට් අමාත්‍ය ධූරයක්වත් නියෝජනය විය යුතු බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිතුමා රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති බලය බෙදීමක් පිළිබඳ සංකල්පය යථාවත් වන්නේ එවන් අවස්ථාවල දී බව ද පෙන්වා දුන්නේ ය.
දිවයින පුරා වැව් ප‍්‍රතිසංස්කරණය සඳහා රජය අරඹා තිබෙන පුළුල් වැඩසටහන පිළිබඳවද මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රජයේ මෙම සංවර්ධන වෑයම ග‍්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට බවයි. පෙර රජ දවස ද වැව් සංස්කෘතිය සමග ගොඩනැගෙන කෘෂිකාර්මික සංවර්ධනය මඟින් ග‍්‍රාමීය ආර්ථිකය සමෘද්ධිමත් වූ බව සඳහන් කළ ජනාධිපතිතුමා දිවයින පුරා වැව් ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළට වත්මන් රජය ද ප‍්‍රමුඛතාව ලබාදී තිබෙන බව ද සඳහන් කළේය. එමෙන්ම අපේකමට ඉහළ වටිනාකමක් ලබාදෙන දේශීය ආර්ථික ක‍්‍රමයක් සමග නිරෝගි ජාතියක් ලෙස ඉදිරියට යාමට එම වැඩපිළිවෙළ තුළින් ප‍්‍රබල දායකත්වයක් ලැබෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ 2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තමන් ජනාධිපති ධූරයට පත්කරගත්තේ පශ්චාත් යුද සමයක ඉටු නොවූ වගකීම් ඉටුකිරීමට බවයි. ඒ වෙනුවෙන් ඉකුත් වසර තුන හමාර තුළ රජය උපරිමයෙන් කැපවී තිබෙන අතර යුද්ධය පැවති ප‍්‍රදේශවල ජනතාව අතර පැවති බිය සැක ඉවත් කරමින් ජාතික සහ ආගමික සංහිඳියාව ගොඩනැගීමට පුළුල් වැඩකොටසක් ඉටුකර තිබෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. එමගින් යළි යුද්ධයක් ඇති නොවන රටක් සඳහා සියලූ මං පෙත් හෙළි පෙහෙළි කිරීමට වත්මන් රජයට හැකියාව ලැබුණු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. කුමන අභියෝග පැමිණිය ද රටේ හෙට දවස වෙනුවෙන් කැපවන බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
සිරිසර පිවිසුම වැඩසටහන යටතේ ප‍්‍රතිසංස්කරණය කෙරුණු ගෝමරන්කඩවල බක්මීගම වැව ජනතා අයිතියට පවරාදීම සහ දීර්ඝ කාලයක් පුරා පවතින අලි - මිනිස් ගැටුමට විසඳුම් ලබාදෙමින් ගෝමරන්කඩවල ප‍්‍රදේශයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ඉදි කෙරුණු කි.මි 30 ක් වූ අලි වැට විවෘත කිරීම ද අද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.
ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව කි‍්‍රයාත්මක මෙම සිරිසර පිවිසුම ව්‍යාපෘතිය යටතේ වැව් ප‍්‍රතිසංස්කරණය, අලි වැට ඉදිකිරීම, මාර්ග ප‍්‍රතිසංස්කරණය සිදු කෙරේ. මෙම ව්‍යාපෘතින් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් කි‍්‍රයාත්මක වේ. සිරිසර පිවිසුම වැඩසටහන වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නියමය පරිදි ජනාධිපති කාර්යාලය විසින් රුපියල් මිලියන 5000 ක් වෙන්කර තිබෙන අතර, එම අරමුදල් උපයෝගි කර ගනිමින් මේ වන විට දිස්ති‍්‍රක්කයේ වැව් 40 ක ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබේ. ඒ යටතේ සිදු කෙරුණු බක්මීගම වැව ප‍්‍රතිසංස්කරණය සඳහා වැයකර තිබෙන මුදල රුපියල් මිලියන 11 කි. සමරු ඵලකය නිරාවරණය කර ප‍්‍රතිසංස්කරණය කරන ලද වැව ජනතා අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.

