දෙවරක්ම ජනාධිපතිවූ මහින්ද : ගමට නොකළ දෙයක් ! 

දෙවරක්ම ජනාධිපතිවූ මහින්ද : ගමට නොකළ දෙයක් ! 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පෙකිණි වැල කපා දෙවරක්ම රටේ ජනාධිපති ධූරය හෙබවූ ගමේ පුද්ගලයෙකුට තංගල්ල බාලිකා පාසලට බස් රථයක් ලබා දීමට නොහැකි වූ බවත්, හම්බන්තොටට පැමිණෙන විට පිටගම්කාරයා, පැරෂුට්කාරයා යනුවෙන් විරුද්ධවාදීන් හැඳින්වූ තමන්ට එම විද්‍යාලයට නවීන බස් රථයක් ලබා දීමට හැකි වූ බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසීය.
 
ඉදිරි වසර 2 ක කාලය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් 50 කට නවීන බස් රථ 50 ක් ලබා දීමට තමන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.  
 
යහපාලන රජයේ උදා ගම්මාන වැඩසටහන කඩාකප්පල් කිරීමේ අරමුණින් උදා ගම්මාන ඉදිකිරීම සඳහා රජයේ ඉඩම් වෙන් කිරීමේ ක්‍රියාවලිය අඩාල කිරීමට විරුද්ධවාදීන් නව සංවිධානයක් බිහිකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
උදා ගම්මාන වැඩසටහනට රජයේ ඉඩම් ලබාදීම අඩපණ කළ විට උදා ගම්මාන 2,500 ඉලක්කය නතර වේ යැයි සිතා විරුද්ධවාදීන් ඉඩම් වෙන් කිරීමේ ක්‍රියාවලියට අභියෝග එල්ල කරන බව කී අමාත්‍යවරයා, රජයේ ඉඩම් පමණක් නොව ටෙන්ඩර් පටිපාටය අනුගමනය කරමින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ප්‍රතිපාදන යොදවා පෞද්ගලික ඉඩම් මිලට ගෙන හෝ උදා ගම්මාන ඉදිකිරීමට තමන් කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.
                                                                                                                                                   
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට, තංගල්ල බාලිකා විද්‍යාලයට රුපියල් ලක්ෂ 35 ක් වටිනා නවීන බස් රථයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (21) දින සහභාගී වෙමිණි.  
 
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ඉල්ලීම මත පෞද්ගලික දානපතීන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් මෙම බස්රථය විද්‍යාලයට ප්‍රදානය කෙරිණි. පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන් 2,800 දෙනෙකුට පමණ මෙමගින් ප්‍රතිලාභ හිමිවේ. තංගල්ල බාලිකා විද්‍යාලයේ දරු දැරියන් විසින් අමාත්‍යවරයා වෙත උපහාර තිළිණයක් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.
 
මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චිද එක්ව සිටියේය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න