චන්ද්‍රිකාගේ කාර්යාලයෙනුත් පොලිසිය ප්‍රශ්න කරයි

චන්ද්‍රිකාගේ කාර්යාලයෙනුත් පොලිසිය ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් මෙහෙයවනු ලබන ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ අනුග්‍රහයෙන් අයිටීන් ටීවී ඔස්සේ විකාශනය වූ “තරුවන් සරණයි” සහ “නිහොන් සැප ලැබේවා” රේඩියෝ නාට්‍ය පිළිබඳව එම කාර්යාංශයේ ව්‍යාපෘති කළමනාකාර තේජිත එදිරිසිංහ මහතා පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට කැඳවා පැය 4 ක් ප්‍රශ්නකර ඇති බව වාර්තා වේ.
 
මෙසේ කැඳවා ඇත්තේ සැප්තැම්බර් 13 වන දිනය. ඒ එම කලාකෘතිය පිළිබඳව අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඇතුළු බෞද්ධ බලවේග විසින් බුද්ධාගමට අපහාසයක් ලෙස සඳහන් කරමින් කරන ලද විවේචන හා පැමිණිලිවලින් අනතුරුවය.
 
ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයෙන් ආරම්භ කර තිබුණු ව්‍යාපෘතියක් සඳහා මාලක දේවප්‍රිය මහතා විසින්“නිහොන් සැප ලැබේවා” සහ “තරුවන් සරණයි” රේඩියෝ නාට්‍ය අධ්‍යක්ෂණය කොට ඇත.
 
 අනිද්දා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න