රජයේ අමාත්‍යවරුන් කියන්නේ මහ බැංකුව සිය ඩොලර් සංචිත වෙළෙදපොලට නිකුත් කරමින් රුපියල ගොඩ ගන්නට තමන් කටයුතු නොකරන බව නමුත්, සැප්තෑම්බර් 20 දා රජයේ අමාත්‍යවරුන් එවැනි ප්‍රකාශ සිදු කරන විටත් මහ බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් වෙළෙදපොලට මුදා හැර ඇති බව වාර්තා වෙයි.
නිවේදනයක් නිකුත් කරමින් කැෆේ සංවිධානය මේ බව පවසයි.
එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.
මෙයින් දිස්වන්නේ රුපියලේ අර්බුදය සැගවීමට ගොස් ආණ්ඩුව තවදුරටත් ආර්ථික අර්බුදයේ ගිලෙමින් ඇති සෙයකි.
2018 වසර ආරම්භයේ දී මහ බැංකුව සතු ඩොලර් සංචිත ප්‍රමාණය බිලියන 8 ක් වූ අතර පසුගිය මාස 8 තුල එය ඩොලර් මිලියන 500 කින් ඉහළ ගියේය. 2018 අගෝස්තු 31 දිනට මහ බැංකුවේ සංචිතය වත්කම ඩොලර් මිලියන 8,590.87 කි. එයින් ඩොලර් මිලියන 768.69 ක් (වහා විකුණා දැමිය නොහැකි) රත්තරං සංචිතය වේ. සරළව කිව හොත් වෙළෙදපොලට අතහැර දැමිය හැකි මහ බැංකුවේ රටේ විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 7.9 ක් පමණ විය.
පසුගිය දින කිහිපය තුළ, ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම අවම කර ගැනීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව දිනකට ඩොලර් මිලියන 25 -30 අතර ප්‍රමාණයක් වෙළෙදපොළ වෙත පොම්ප කරනු ලැබීය. ඒ අනුව, සැප්. 20 දිනය අවසන් වන විට මුදා හරිනු ලැබූ මුදල ඩොලර් මිලියන 450 කි. නමුත්, සැප්. 20 වන විට මේ වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල 8% කින් අවප්‍රමාණය වී තිබේ. සැප්තෑම්බර් 21 දින උදේ 9 ට කොමෂල් බැංකුවේ ඩොලරයක විකුණුම් අගය රු. 172 ක් විය.
මහ බැංකුව සතුව ඇති පරිහරණය කළ හැකි ( සංචිත විදේශ මුදල් (Free Reserve) ඩොලර් බිලියන 7.2 න් 2018 වසර අවසානයේ ණය වාරික ගෙවීම සදහා තවත් ඩොලර් බිලියන 6.4 ක් අවශ්‍යය. ඒ අනුව,ඉතිරිය ඩොලර් බිලියන 0.8 කි.
විඩියෝ පටයක් නිකුත් කරමින් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ ණය වාරිකය ගෙවීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය මහ බැංකුව විසින් දිගටම පවත්වාගෙන යනු ඇති බවයි. එයින් කියවෙන්නේ, රජයට රුපියල අවප්‍රමාණයවීම වැලැක්වීම සදහා වෙළෙදපොලට අතහැරිය හැකි ඩොලර් බිලියනයකට මදක් අඩු සංචියක් පමණක් ඉතිරිව ඇති බවයි. නැතිනම්, රජය ණය වාරික ගෙවීම ගැන නොකතා සිය සංචිත වෙළෙදපොලට දැමිය යුතුය.
සැප්. 21 දින ඩොලර් මිලියන 50 ක් පොම්ප කොට රුපියලේ අගය තවදුරටත් පහත වැටීම (එනම් 170 සීමාවේ තබා ගැනීම) සිදු කිරීමෙන් පසුව ඉදිරි සති කිහිපයේ දී, තවදුරටත් ඩොලරයේ අගය පාලනය කිරීමට අතහැර දැමිය හැකි මුදල ඩොලර් මිලියන 800 - 1000 ක් අතර ප්‍රමාණයකි.
එසේ නොවේ නම්, ණය ගෙවීම පසෙකට දමා ඉතිරි සංචිත මුදලට අත ගැසිය යුතුය.
රජය විද්‍යාත්මක නොවන, ඩොලර් සංචිතය වෙළෙදපොලට මුදාහැරීමේ දේශපාලන තීරණයට එලැබීමට ඇති ඉඩ වැඩිය. ‘‘රුපියල දැඩි පාලනයකට යටත් කිරීම‘‘ යන තාක්ෂණික යෙදුම ලබන සතියේ කරළියට පැමිණෙනු ඇත.
එහි ප්‍රතිඑලය කුමක් විය හැකිද?
ඩොලරට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවීමේ මෙවැනිම තත්වයක් 2012 හා 2015 දී ද ඇති විය. මහින්ද රාජපක්ෂ රජය, මහා භාණ්ඩාගාරය සතු ඩොලර් බිලියන 4 ක් 2012 දී වෙළෙදපොල වෙත පොම්ප කළ නමුත්, රුපියලේ අවප්‍රමාණය වීම 13% ක් විය. එය රට තුල දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇති කළේය.
වත්මන් රජය යටතේ මහ බැංකු මංකොල්ලයෙන් පසුව, 2015 දී ද මෙවැනිම තත්වයක් උදාවිය. මහ බැංකුවේ නිලධාරීන්ගේ දැඩි විරෝධය මත හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඩොලර් මිලියන 3 ක මුදල් සංචිත 2015 අගෝස්තු මහා මැතිවරණයට පෙර වෙළෙදපොලට අතහරිනු ලැබූ නමුත් එදා ද, 9% කින් රුපියල අවප්‍රමාණයවීය. වෙනත් වචනයකින් කිවහොත් 2015 පාර්ලිමේන්තු ඡන්දයට පෙර ද, රජය කෘත්‍රිම ලෙස රුපියලේ අගය අවප්‍රමානය වීම වලක්වා ගැනීමට ගොස් ඩොලර් මිලියන 3 ක් විනාශ කර ගත්තේය. රජය නැවතවරයක් සුදානම් වන්නේ ඒ මාවතේ යාමට බව නම් ඉතා පැහැදිලිය.
ඩොලර් සංචිත මුදාහැරීමට මගින් පමණක් රුපියල ගොඩ ගත නොහැකිය
මෙයින් දිස්වන්නේ රුපියලේ අර්බුදය සැගවීමට ගොස් ආණ්ඩුව තවදුරටත් ආර්ථික අර්බුදයේ ගිලෙමින් ඇති සෙයකි.
2018 වසර ආරම්භයේ දී මහ බැංකුව සතු ඩොලර් සංචිත ප්‍රමාණය බිලියන 8 ක් වූ අතර පසුගිය මාස 8 තුල එය ඩොලර් මිලියන 500 කින් ඉහළ ගියේය. 2018 අගෝස්තු 31 දිනට මහ බැංකුවේ සංචිතය වත්කම ඩොලර් මිලියන 8,590.87 කි. එයින් ඩොලර් මිලියන 768.69 ක් (වහා විකුණා දැමිය නොහැකි) රත්තරං සංචිතය වේ. සරළව කිව හොත් වෙළෙදපොලට අතහැර දැමිය හැකි මහ බැංකුවේ රටේ විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 7.9 ක් පමණ විය.
පසුගිය දින කිහිපය තුළ, ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම අවම කර ගැනීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව දිනකට ඩොලර් මිලියන 25 -30 අතර ප්‍රමාණයක් වෙළෙදපොළ වෙත පොම්ප කරනු ලැබීය. ඒ අනුව, සැප්. 20 දිනය අවසන් වන විට මුදා හරිනු ලැබූ මුදල ඩොලර් මිලියන 450 කි. නමුත්, සැප්. 20 වන විට මේ වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල 8% කින් අවප්‍රමාණය වී තිබේ. සැප්තෑම්බර් 21 දින උදේ 9 ට කොමෂල් බැංකුවේ ඩොලරයක විකුණුම් අගය රු. 172 ක් විය.
මහ බැංකුව සතුව ඇති පරිහරණය කළ හැකි ( සංචිත විදේශ මුදල් (Free Reserve) ඩොලර් බිලියන 7.2 න් 2018 වසර අවසානයේ ණය වාරික ගෙවීම සදහා තවත් ඩොලර් බිලියන 6.4 ක් අවශ්‍යය. ඒ අනුව, ඉතිරිය ඩොලර් බිලියන 0.8 කි.