දඩල්ලගේට මාරුවක් : සමෘද්ධිය නොසන්සුන් !

දඩල්ලගේට මාරුවක් : සමෘද්ධිය නොසන්සුන් !

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස කටයුතු කරන ලද ජේ. දඩල්ලගේට අද (21) දින සමාජ සුබසාධන අමාත්‍යාංශ ලේකමි ව්සින් හදිසි ස්ථාන මාරුවක් ලබාදී තිබෙන බව වාර්තා වෙයි.

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර එහි වැඩි දුරටත් මෙසේද දැක්වේ.

පසුගිය ආණ්ඩුව ගෙනා දිවිනැගුම පනත හරහා 22000 කට ආසන්න සමෘද්ධි සේවකයින් විශාල සේවක ගැටලූ රැසකට මේ වන විට ලක්කර ඇති අතර පවතින එම ගැටලූ නිරාකරණය කිරීම සඳහා මෙම අධ්‍යක්‍ෂ ජනරාල් විසින් සක‍්‍රීයව කටයුතු කර සිටියදී ආණ්ඩුව සමෘද්ධි සේවකයින් පිළිබඳ තිබෙන අමනාපකම් හේතුවෙන් ගැටලූ විසඳනවාට අකමැත්තෙන් මෙම හදිසි ස්ථාන මාරුව ලබාදී ඇති බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ අදහස වී තිබේ. 

තවද වර්තමාන ආණ්ඩුව 2015 ජනවාරි 08 බලයට පත්වීමෙන් පසු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරු 7 දෙනෙකු කටයුතු කර ඇති අතර වසර 3 ක් වැනි කෙටි කාලයක් තුල මේ ආකාරයෙන්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරු ආණ්ඩුව විසින් මාරු කර ඇත. මෙම මාරුව සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම භාරගත යුතු අතර මේ වන විටද සමාජ සුබසාධන අමාත්‍යාංශ ලේකම්වරයාගේ කාර්යාලය ඉදිරිපිට සේවකයින් විරෝදය පලකරමින් සිටී. 

උද්ගතව ඇති මෙම තත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු අතර මෙම ස්ථාන මාරුව අප තරයේ හෙළා දකින බවත් මෙම ස්ථාන මාරුව වහා අවලංගු කරන මෙන් ආණ්ඩුවට තරයේ අවධාරණය කරන බවද එහි සඳහන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න