ඉරාන තානාපති අලිරේසා ඩෙල්කොෂ් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිත පිරිසක් අතර හමුවක් ඊයේ (26) ඉරාන තානාපති කාර්යාලයේ දී පැවැත්වුණි.
එක්සත් ජනපදය හා ඊශ්‍රායලය විසින් ඉරාන ජනතාවට එරෙහිව ගෙන යනු ලබන ක්‍රියාමාර්ගවලට එරෙහිව දිගින් දිගටම විරුද්ධ වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ඉරාන ජනතාව මත එල්ල කර ඇති අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව එරට ජනතාව ගේ අරගලයට සහාය පළ කරයි. එසේම ඉරානයේ දේශපාලන අනාගතය තීරණය කිරීමට අයිතිය ඇත්තේ එරට ජනතාවට බව අවධාරනය කරන පෙ.ස.ප., බටහිර අධිරාජ්‍යවාදීන්ට හෝ ඔවුන්ගේ රූකඩයන්ට එය තීරණය කිරීමට අයිතියක් නැති බව අවධාරණය කරයි.
ඉරානයට එරෙහි මිලිටරි ප්‍රහාර ඇතුළු බලහත්කාර පීඩනය වහාම නවතන ලෙස බලකරමින් විරෝධතා සංවිධානය කළ පෙ.ස.ප. විදේශවල දී ද පැවති එවැනි විරෝධතාවලට සහභාගි විය.
ඉරාන තානාපතිවරයා සමඟ පෙ.ස.ප. නියෝජිතයන් කළ සාකච්ඡාවේ දී ලංකාවේ වාමාංශික ව්‍යපාරයේත් ප්‍රගතිශීලි ජනතාවගේත් සහයෝගය ඉරාන ජනතාව වෙත ප්‍රකාශ කරන ලදී.


