2026 වසරේ දී ලෝක මහද්වීපික මලල ක්‍රීඩා ( Continental Tour - Gold Level ) තරගාවලි සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම

2026 වසරේ දී ලෝක මහද්වීපික මලල ක්‍රීඩා ( Continental Tour - Gold Level ) තරගාවලි සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම

2026 වසරට අදාළ ලෝක මහද්වීපික (Continental Tour ) තරගාවලි Gold Level කාණ්ඩයේ 2026 වසරට අදාළ තරග දින මේ වන විට ප්‍රසිද්ධ කර අවසන්ය . මෙම වසරේ තරගාවලි දෙකක් සඳහා දැනට: කාලිංග කුමාරගේ, රුමේශ් තරංග සහ ප්‍රදීප් සෝමසිරි සහබාගී වීමට නියමිත ය. ඕස්ට්‍රේලියාවේ 🇦🇺 මෙල්බන් නුවර දී මාර්තු මස 27 සහ 28 දිනවල Maurie Plant Meet තරගය මෙම වසරේ පළමු ලෝක මහද්වීපික Gold Level කාණ්ඩයේ තරගය යි. මෙම තරගාවලිය සඳහා කාලිංග කුමාරගේ මීටර් 400 ඉසව්ව සහ ප්‍රදීප් සෝමසිරි (පැරා අංශයේ T46 කාණ්ඩයේ මීටර් 1500 ඉසව්ව නියෝජනය කරයි .

ඉන් අනතුරුව අප්‍රේල් 24 දින කෙන්නියාවේ නයිරෝබී නගරයේ දී පැවත්වෙන ලෝක මහද්වීපික (Continental Tour ) තරගාවලියේ Gold Level කාණ්ඩයේ 2026 වසරේ දෙවන තරගය සඳහා වර්තමානයේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු දස දෙනා අතර සිටින රුමේශ් තරංග හෙල්ල විසිකිරීම් ඉසව්ව සඳහා සහභාගී වීමට නියමිත ය.

මෙම ලෝක මහද්වීපික (Continental Tour) තරගාවලි Gold Level කාණ්ඩයේ තරග සඳහා සහභාගී වන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ම ස්ථානයේ සිටින ක්‍රීඩිකාවන් වීම විෂේශත්වයකි. 2026 වසරට අදාළ තරග කීපයක් විවිධ රටවල් ක්‍රේන්ද්‍ර කරගෙන මෙම වසරේ පැවත්වේ. මෙම තරග සදහා ශ්‍රී ලංකාවේ වර්තමානයේ ජාතික සංචිතවල දක්ෂතා අතර සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද අයදුම් කිරීම සහ Invitation මගින් ද මෙම තරගාවලි වලට සහභාගී වීමේ හැකියාව පවතී.

සමීර මදුසංක හේවා ගමගේ

malalala

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න