හිටපු ජනාධිපතිවරයාද ඊළඟ අග්‍රාමාත්‍යවරයා ගැන සඳහන් කර තිබූ අතර ජනාධිපතිවරයාට 19 වැනි සංශෝධනය අනුව වඩා බලවත් වන්නේ මීළඟ අගමැති බවද පවසා තිබිණි.
බැසිල් පාර්ශවය විරුද්ධයි
කෙසේවුවද බැසිල් රාජපක්ෂ මහතා හා ඔහුට හිතවත් කණ්ඩායම් විසින් මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමග කිසිඳු ගණුදෙනුවක් නොකළ යුතුය යන දැඩි ස්ථාවරයක් ගැනීම නිසා එකාබද්ධයේ මත ගැටුම අළුත් මුහුණුවරක් ගෙන ඇතැයි වාර්තාවේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව හැඟවෙන පරිදි මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය මෙන්ම, අපේක්ෂකයා අනිවාර්යයෙන්ම රාජපක්ෂවරයකු විය යුතු බව තහවුරු කිරීම මෙම මත ගැටුමේ එක් කොටසක් බවට පත්ව ඇති බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
හිටපු ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය, ඉන්දියා ටුඩේ (India Today) පුවත්පත හඳුන්වා තිබුණේ මෙම සංචාරය 2019 කැඳවීමට නියමිත ජනාධිපතිවරණයට ඔහුගේ සහභාගීත්වය පිළිබඳ හොරණෑවක් ලෙසය.
ඉන්දිය අගමැති මෝදි හෝ ඔහුගේ ආණ්ඩුව, 2015 දී තමන් බලයෙන් පහ කිරීමට උත්සාහ කළේ යැයි නොසිතන බව, මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී කළ ප්‍රකාශය ගැනද ඉන්දිය මාධ්‍යවල විශේෂ අවධානයක් යොමු වී තිබුණි.

