ඒ කාලේ නම් ඔහොම මිනීමරන අය ආණ්ඩුවේ හිටියා '' -වෙල්ගම 

ඒ කාලේ නම් ඔහොම මිනීමරන අය ආණ්ඩුවේ හිටියා '' -වෙල්ගම 

රාජපක්ෂ පාලන සමයේ ආණ්ඩුව තුල මිනීමරුවන් සිටි බව ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයකට ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධ බවට එක්සත් ජාතික පක්ෂය කරන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රිවරයා මෙසේ පැවසිය.

''ඒකාබද්ධයේ ඔහොම මිනීමරන අය නැහැ. අපේ ආණ්ඩු කාලේ නම් හිටියා.  දැන් හුළං බැහැල ඉන්නේ. '' කියාය.

 ගෝඨා ඇමරිකානු පුරවැසියෙක්.. මෙහේ ඡන්ද බෑ

ඇමරිකානු පුරවැසියන්ට මෙරට මැතිවරණ සදහා ඉදිරිපත් වීමට නොහැකි බවත් එවැන්නන් ගැන සාකච්ජා කිරීමෙන් පලක් නැති බවත් කුමාර වෙල්ගම මහතා එහිදී මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කර සිටියේ, මීලග ජනාධිපතිවරනය සදහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වන්නේදැයි මාධ්‍යවේදීන් විසින් කල විමසීමේදීය.

රාජපක්ෂ පවුලේ තමන් කැමති එකම පුද්ගලයා මහින්ද රාජපක්‍ෂ මහතා බව පැවසු මන්ත්‍රීවරයා, පවුල් පාලනයට තමන් තරයේ විරුද්ද බවද එහිදී අවධාරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න