අන්තිමට කලකිරුණු ජෝන් : පවිත්‍රා යටතේ දේශපාලනයට හිත හදාගෙන 

අන්තිමට කලකිරුණු ජෝන් : පවිත්‍රා යටතේ දේශපාලනයට හිත හදාගෙන 

ආසන සංවිධායකධුරයෙන් සහ දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ ශ්‍රීලනිප දේශපාලනයේ තවදුරටත් නොසිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න තීරණය කර ඇති බව වාර්තා වෙයි.

 එසේම තනතුරු කිහිපයකින් ඉවත්කලත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  ජ්‍යෙෂ්ඨ උප සභාපතිධුරයෙන් ඉවත් කිරිම ගැන   මෙතෙක් කිසිදු දැනුම් දීමක් කර නොමැති බවද ඔහු සඳහන් කර ඇත. 

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සාමාජිකත්වය ලබා ගත්තේ 1960 අගෝස්තු මාසයේදී බවත් එතැන් සිට පක්ෂය වෙනුවෙන් බොහෝ කැප කිරිම් කර ඇති බවත් නමුත් මේ වන විට  ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ වැඩපළිවෙළ ගැන තමන්ට දැඩි කලකිරිමක් ඇති හෙයින් පක්ෂයේ තවදුරටත් රැඳීසිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඔහු පවසා ඇත. 

පක්ෂයේ වැඩපිළිවළ ගැන ඇති  කලකිරිම නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට තමා තීන්දු කර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

කෙසේ වුවත් ජෝන් සෙනවිරත්න මන්ත්‍රීවරයා මේ වන විට පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරියගේ දිස්ත්‍රික් නායකත්වය පිළිගෙන පොහොට්ටු පක්ෂයේ කටයුතු කිරීමට එකඟතාව පළකර ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න