දයාසිරිව බුකීසිරි කළ අර්ජුනගේ කතාව ! 

දයාසිරිව බුකීසිරි කළ අර්ජුනගේ කතාව ! 

වත්මන් ආණ්ඩුව යටතේ  ක්‍රිකට් ක්‍රීඩාව විනාශවූ බවත් ඒ සම්බන්ධයෙන් අමාත්‍ය දයාසිරි ජයසෙකර මහතා වගකිව යුතු  බවත්  අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

බුකීකරුවන් ක්‍රිකට් ක්‍රීඩාවට රැගෙන ආවේ දයාසිරි ජයසෙකර මහතා බවත් ඔහු අද පවසන්නේ බුකිපාලගේ කතා බවත් අමාත්‍ය අර්ජුන රණතුංග පවසා ඇත.

එබැවින් ඉදිරියෙදි දයාසිරි ජයසේකර මහතාට මිනිස්සු බුකිසිරි ලෙස පවසනු ඇති බවද අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා  මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ ලබන පරාජයන් ගැන මාධ්‍යවේදීන් හමුවේ අද (24) අදහස් දක්වමිනි. 

මෙම තත්ත්වය යටතේ 2019 ලෝක කුසලානය ලබා ගැනිමට ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට පහසු නොවන බවද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් අදහස් දැක්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න