2018 වසරේත් පාර්ලිමේන්තුවේ වඩාත් ක්‍රියාශීලී මන්ත්‍රිවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක තේරී පත්ව ඇති බව වාර්තා වෙයි.
දෙවැනි ස්ථානයද එම පක්ෂයේම මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස ට හිමිව ඇත.
මන්ත්‍රී.lk වෙබ් අඩවිය මඟින් කළ සමීක්ෂණයට අනුව 2015 සිට 2018 දක්වා අඛණ්ඩව වඩාත් ක්‍රියාශීලී මන්ත්‍රිවරයා ලෙස අනුර දිසානායක මන්ත්‍රීවරයා තේරී පත්ව තිබේ.
ඒ අනුව මේ වසරේ වඩාත් ක්‍රියාශීලී මන්ත්‍රිවරුන් දස දෙනා අතරට ජවිපෙ මන්ත්‍රි 4ක් ඇතුළත් වී ඇත. එය පිළිවෙළින් අනුර කුමාර දිසානායක, නලින්ද ජයතිස්ස, බිමල් රත්නායක, බුද්ධික පතිරණ, සුනිල් හඳුන්නෙත්ති, බන්දුල ගුණවර්ධන, ගයන්ත කරුණාතිලක, ඩග්ලස් දේවානන්දා, දිනේෂ් ගුණවර්ධන හා ඥානමුත්තු ශ්‍රී නේසන් පාර්ලිමේන්තුවේ වඩාත් ක්‍රියාශීලී මන්ත්‍රිවරු 10 දෙනා අතර වෙති.

