ජනපති යළි දිවයිනට

ජනපති යළි දිවයිනට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අලුයම දිවයිනට ළඟා විය.

මෙවර සැසිවාරය පැවැත්වූයේ එක්සත් ජාතීන් සියලු ජනතාවට සමීප කරවීම, සාධාරණ, සාමකාමී සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම යන තේමාව යටතේයි.

ජනාධිපතිතුමා මෙවර මහා මණ්ඩලය ඇමතුවේ සිව්වැනි වරටයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 193 ක් මෙවර මහා මණ්ඩල සැසිවාරයට සහභාගී විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න