මන්ත්‍රී වාහන ආනයන බලපත්‍රය අත්හිටුවයි

මන්ත්‍රී වාහන ආනයන බලපත්‍රය අත්හිටුවයි

රුපියල අවප්‍රමාණය වීම සීමා කිරීම සඳහා මුදල් අමාත්‍යංශය අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාමාර්ග කිහිපයක් ‍ගෙන ඇති අතර, මේ අනුව වසරක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයන බලපත්‍ර ලබා දීම අත්හිටුවා ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ ය.

අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ මණ්ඩලවලට වාහන ගෙන්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටවූ බවත් රජයේ සේවකයින්ට නිකුත් කළ බලපත්‍ර මත වාහන ආනයනය කිරීම ද ඒ අනුව මාස 6ක කාලයක් සඳහා අත්හිටුවා තිබේ.

එම කාල සීමාව තුළ ණයවර ලිපි විවෘත කිරීමට අවසර නොදෙන බවත් හයිබ්‍ර්ඩ් වාහන සඳහා කල් බදු පහසුකම් ලබා ගත හැක්කේ වාහනයේ වටිනාකමින් 50%කට පමණක් බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

මේ අතර ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම දුරකතන සහ අනෙකුත් දුරකතන, රෙදිසෝදන යන්ත්‍ර, පාවහන් සහ ටයර් ආනයනය කිරීමේදී ඒවායේ වටිනාකමින් 100%ක තැන්පතුවක් ද තැබිය යුතු බවද නිවේදනයේ දැක්වේ.

අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පියවරයන් තාවකාලිකව ගත්තද රජය අඛණ්ඩව විනිමය අනුපත වෙනස් වීම නිරීක්ෂණය කරන බවත් ඒ මත පිහිටා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න