එක්සත් ජාතීන්ගේ 73 වැනි මහ සමුළුවට එක්වීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ගොස් සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා අතර හමුවක් පැවැතියේය.
නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ 27 වැනි මහලේ පිහිටි මහලේකම්වරයාගේ කාර්යාලයේදී මෙම හමුව සිදුවූ බන ජනාධිපති මධ්‍ය අංශය සදහන් කරයි.
ජගත් මහලේකම්වරයා හමුවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිදියාව, නීතියේ ආධිපත්‍ය, මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස තහවරු කිරීම සදහා ශ්‍රී ලංකාව පසුගිය වසර 03 ක පමණ කාලයක තුළ දී විශාල කාර්ය භාරයක් ඉටු කළ බවයි.
ශ්‍රී ලංකාව උදාකරගෙන ඇති මෙම සුවිශේෂී ජයග්‍රහණ අධ්‍යයන කරමින් ලංකාව දෙස නව දෘෂ්ටිකෝණයකින් බලන්නැයි තමා ජාත්‍යන්තරයේ සියළු ප්‍රජාවට ආරාධනා කරන බවත් පවසා ඇත.
අසීරුතා රැසක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව අද ලබා ඇති ප්‍රගතිය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ පැසසුමට ලක් වූ අතර, මෙරටට අඛණ්ඩව සහය ලබා දෙන බව ඔහු ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතුවලදී ශ්‍රී ලංකව ලබාදෙන ඉහළ සහයෝගය මෙහදි මහලේකම්වරයාගේ ඇගයුමට ලක් වී ඇති බවද වාර්තා වේ.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන තිලක් මාරපන පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය අම්රින් රොහාන් පෙරේරා ද සහභාගී වී ඇත.

