ගෝඨාගේ ආරක්ෂාව වෙනුවෙන් දිනක වියදම ලක්ෂ 35ක්

ගෝඨාගේ ආරක්ෂාව වෙනුවෙන් දිනක වියදම ලක්ෂ 35ක්

හිටපු ආරක්ෂක ලේකමි ගෝඨාභය රාජපක්ෂ මහතාට  ප්‍රමාණවත් ආක්ෂාවක් ලබා දී ඇති බවත්, ඒ වෙනුවෙන්  දිනකට රුපියල් ලක්ෂ 35 ක් වැය වන බවත් නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති  නලින් බණ්ඩාර මහතා පැවසීය.හිටපු ආරක්ෂක ලේකමි ගෝඨාභය රාජපක්ෂ මහතාට  ප්‍රමාණවත් ආක්ෂාවක් ලබා දී ඇති බවත්, ඒ වෙනුවෙන්  දිනකට රුපියල් ලක්ෂ 35 ක් වැය වන බවත් නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති  නලින් බණ්ඩාර මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ආරක්ෂාව  වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් 70 ක් යොදවා සිටින අතර  පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන් 42 ක් හා යුද හමුදා නිලධරීන් 28 ක් ඒ අතර සිටින බවද හෙතෙම සඳහන් කළේය.

හිටපු යුද හමුදාපති වත්මන්  වනජීවි තිරසර සංවර්ධන අමාත්‍යවරයා වන  සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇත්තේ 20 දෙනකුගෙන් සමන්විත ආරක්ෂක අංශයක් බවද පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලීමක් කර ඇති බවට සඳහන් කර තිබුණුද මේ වන තුරු එවැනි ඉල්ලීමක් කර නොමැති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න