ගෝඨා ඇතුළු පිරිසගේ ආරක්ෂාව වැඩිකරන්නලු !

ගෝඨා ඇතුළු පිරිසගේ ආරක්ෂාව වැඩිකරන්නලු !

ජීවිත තර්ජන මතුව තිබෙන හිටපු ජනාධිපතිවරයා, හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ විපක්‍ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ආරක්‍ෂාව වැඩිකිරීමට රජය වහාම ක‍්‍රියාත්මක වියයුතු බව මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර මහතා ඊයේ (28) පැවසීය.

වත්මන් රජය බලයට පත්වූ පසුව අවස්ථා කිහිපයකදීම හිටපු ජනාධිපතිවරයාට හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට ලබාදී තිබූ හමුදා ආරක්‍ෂාව අඩුකිරීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් බරපතල අර්බුධයක් මතු තිබෙන බවද කී මන්ත‍්‍රීවරයා මෙම ඝාතන කුමන්ත‍්‍රණය හෙළිකළ නාමල් කුමාර මහතාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන්ද රජය මීට වඩා වැඩි අවධානයක් යොමුකළ යුතු බවද ප‍්‍රකාශ කළේය.

එමෙන්ම මීට පෙර සුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාත් නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව රැස්කර තිබෙන බවත් මෙම බරපතල තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ඉල්ලලීමක් කර තිබියදීත් පාර්ලිමේන්තුව කැඳවීමට රජය උනන්දු නොවීම පිළිබඳව බරපතළ සැකයක් මතුවන බවද කීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න