දුම්රිය ගාස්තු සංශෝධනය හෙට සිට

දුම්රිය ගාස්තු සංශෝධනය හෙට සිට

2018 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාව අනුව 2018.10.01 වැනි දින සිට සිදු කරනු ලබන දුම්රිය ගාස්තු සංශෝධනය යටතේ දුම්රිය අවම ගාස්තු සංශෝධනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි.2018 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාව අනුව 2018.10.01 වැනි දින සිට සිදු කරනු ලබන දුම්රිය ගාස්තු සංශෝධනය යටතේ දුම්රිය අවම ගාස්තු සංශෝධනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි.

පෙර පැවති අවම ගාස්තුව තුන්වන පන්තිය රු. 10, දෙවන පන්තිය රු.20 හා පළමු පන්තිය රු. 40 තවදුරටත් මේ අනුව නොවෙනස්ව පවතී.

මෙහිදී සිදු වන ප්‍රවේශ පත්‍ර‍ ගාස්තු සංශෝධනයත් සමඟ වාර ප්‍රවේශ පත්‍ර‍ ගාස්තු ද සංශෝධනය වන අතර වාර ප්‍රවේශ පත්‍ර‍ සඳහා මෙතෙක් අය කළ ප්‍ර‍තිශතයේ වෙනසක් සිදු නොවේ.

ඒ අනුව රජයේ සේවක වාර ප්‍රවේශ පත්‍ර‍යකට අය කළ තනි ගමන් ප්‍රවේශ පත්‍ර‍යක වටිනාකම මෙන් නව ගුණයක් සහ පෞද්ගලික අංශයේ වාර ප්‍රවේශ පත්‍ර‍ සඳහා අය කළ තනි වාර ප්‍රවේශපත්‍ර‍ වටිනාකම මෙන් විසි හතර ගුණය ද නොවෙනස්ව පවතී.

එනම් එය දින දොළහක් සඳහා වන මුදලකි.

එමෙන්ම පාසල් සිසුන්ගේ සහ විශ්වවිද්‍යාල සහ පිරිවෙන් අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් අයකරනු ලබන ගාස්තුව වන්නේ තනි ගමන් වාරයක ප්‍රවේශපත්‍ර‍ වටිනාකම මෙන් හයගුණයක ගාස්තුවකි.

මෙම ගාස්තු සංශෝධනය සිදු කරනු ලබන්නේ වසර  10 ට පසුව වන අතර මෙම සංශෝධනයෙන් පසුව ද තවදුරටත් බස් ගාස්තුවට වඩා දුම්රිය ගාස්තු අඩුවෙන් පවතී.   

මෙම අයවැය යෝජනාව අනුව රාජ්‍ය ආයතන විසින් ලබාදෙන සේවාවන් හා පරිපාලන වියදම් සංශෝධන යෝජනා අනුව 15% කින් වත් ගාස්තුද සංශෝධනය නොකළ ආයතන සඳහා මහා භාණ්ඩාගාරයෙන් ලබාදී ඇති උපදෙස් මත මෙම ගාස්තු සංශෝධනය කළ ද පසුගිය වසර3ක කාලය තුළ කිසිදු  අවස්ථාවක දුම්රිය ගාස්තු වැඩි කිරීමක් සිදු කර නොමැත.

එසේම මහාභාණ්ඩාගාරයේ සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය මත මෙම බස් ගාස්තු සංශෝධනය සිදු කිරීම පිළිබඳ වූ අංක  2085/23 සහ 2018/08/21 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බව ද ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව එක් එක් කිලෝමීටර්යට අදාළව එක් එක් පන්තියට අනුව අයකරනු ලද හා සංශෝධිත ගාස්තුව සඳහා ලේඛනය පහත දැක්වේ.

1 c3f8f72ac4

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න