පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගීවීමට නියමිතව තිබූ ස්කොට්ලන්ත සංචාරය තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබේ.
නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කලේ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් එම සංචාරය නතර කර ඇති බවයි.
පොලිස් දෙපාර්තමේන්තුවේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ හා ප්‍රජා පොලිස් ඒකකයේ නව කටයුතු සම්බන්ධයෙන් අධ්‍යනනයක් සිදුකිරීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් අද දිනයේ සිට ස්කොට්ලන්තයේ සංචාරයක නිරතවීමට නියමිතව තිබිණි.
මෙම සංචාරය සඳහා පොලිස්පතිවරයාට අමතරව අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් සහභාගී නියමිතව සිටි බව රංජිත් මද්දුමබණ්ඩාර අමාතඨවරයා සඳහන් කළේය.
පොලිස්පතිවරයා පිළිබදව මේ දිනවල පරීක්ෂණයක් සිදුවීම හා පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින් මෙම සංචාරය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

