එදා බොර තෙල් බැරලයක මිල අඩු මට්ටමකට වැටී තිබු අවස්ථාවේ උසාවියෙන් මිල අඩු කරන ලෙස ලබා දී තිබු තීන්දුව ක්‍රියාත්මක නොකළ මහින්ද රාජපක්ෂ මහත්තයා අද මිල සූත්‍රය ගැන කතා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ මාතර කොට්ඨාස බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට අද (30) එක්වෙමින් අමත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසූවේ, ලෝක සිතියමේ ලේ පැල්ලමක් බවට තිබූ ශ්‍රී ලංකාව ඉන් මුදාගෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජාත්‍යන්තර අපරාධකරුවකු බවට පත්වීමෙන් වලක්වා ගත්තේ වත්මන් ආණ්ඩුව බව ද, හිටපු ජනාධිපතිවරයාට ජාත්‍යන්තරයට ගොස් ආණ්ඩුව විවේචනය කරන්නට වුව අවස්ථාව ලැබී ඇත්තේ වත්මන් ආණ්ඩුවට පින්සිදු වන්නට බවයි.
එක්සත් ජාතික පක්ෂයේ මාතර කොට්ඨාස බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවය සදහා අධ්‍යාපන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාද සහභාගී විය.{gallery}matara_balamandala{/gallery}

