ප්‍රජාතන්ත්‍රවාදයේ අංක එකේ හතුරා විධායක ජනාධිපති ක්‍රමයයි - ලාල් කාන්ත

ප්‍රජාතන්ත්‍රවාදයේ අංක එකේ හතුරා විධායක ජනාධිපති ක්‍රමයයි - ලාල් කාන්ත

අපේ රටේ ක්‍රියාත්මක වෙන්නෙ පාර්ලිමේන්තුව මූලික කරගත්ත ආණ්ඩු ක්‍රමයක් නොව  විධායක ජනාධිපති ක්‍රමය මූලික කරගත්ත ආණ්ඩු ක්‍රමයක් බවත් ඒ තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ අංක එකේ හතුරා විධායක ජනාධිපති ක්‍රමය බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත පවසයි.

පසුගියදා පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කල අතර ජනතා විමුක්ති පෙරමුණ නිතරම පෙනී සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරන්න බවත් ඒ නිසා ඊළඟ ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද ඔහු පවසා ඇත.
එහිදී ලාල්කාන්ත මහතා මෙසේද පැවැසීය.

අද අපේ රටේ තියෙන අධිකරණය සක්‍රිය නැහැ. අධිකරණයෙන් දෙන තීන්දු තීරණ ගැන ජනතාව තුළ විශ්වාසයක් නැහැ. සමාජය තුළ අධිකරණය දෙකට බෙදිල වගේ අදහසක් තියෙන්නෙ. අතීතයේ දේශපාලනේට ආවෙ උගත් මිනිස්සු. දැන් වගේ පට්ට හොරු නෙවෙයි. සංඛ්‍යාලේඛනවලින් කියල තියෙනවා සාමාන්‍ය පෙළවත් පාස් නැති මන්ත්‍රිවරු 92ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා.

1978 ඉඳල අපේ රටේ ක්‍රියාත්මක වෙන්නෙ පාර්ලිමේන්තුව මූලික කරගත්ත ආණ්ඩු ක්‍රමයක් නෙවෙයි. විධායක ජනාධිපති ක්‍රමය මූලික කර ගත්ත ආණ්ඩුවක්.

නූතන ලෝකෙ කියනවා ප්‍රජාතන්ත්‍රවාදී රටවල පාලන ක්‍රමය තියෙන්නෙ කුලුනු තුනක් උඩ කියල. ඒ කුලුනු තුන තමයි ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය. මේ කුලුනු තුන ගරා වැටුණොත් පාලන ක්‍රමය අවුල් වෙනවා කියලා. අපේ රටේ තියෙන පාර්ලිමේන්තුව වගකීමක් තියෙන හරවත් ගුණවත් ආයතනයක් කියල අපේ රටේ කිසි කෙනෙක් කියන්නේ නැහැ. කවුරුහරි එහෙම කිව්වොත් ඒ කියපු මිනිහට පිස්සු කියල හිතෙනවා. ජනතාව කියන්නේ පාර්ලිමේන්තුව පිස්සු කෙළින ආයතනයක් කියලයි.

 පාර්ලිමේන්තුවට ඉහළින් තනි බලතල තියෙන විධායක ජනාධිපති කියල පාලන ආයතනයක් ආවට පස්සේ රාජ්‍ය පාලනය කෙරෙහි පාර්ලිමේන්තුවට තිබෙන වගකීම, එහි තිබෙන වටිනාකම, ඒකෙ තියෙන ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම නැතිව ගියා. ඒ නිසා 1978 කලින් තමයි සත්ගුණවත් පාර්ලිමේන්තුවක් තිබුණේ.
 වෘත්තීන් අතරින් රටක් නැති කරන්නෙත් ඇති කරන්නෙත් දේශපාලන වෘත්තිය. මේ රට හදන්න පුළුවන් වෙන්නේ දේශපාලනෙන් විතරයි. වෙන ක්‍රමයක් නැහැ. මේ රට හදන්න නම් විධායකය රට පවතින ප්‍රධාන කුලුනු හතරට බෙදා හරින්න ඕන. විධායක ක්‍රමය තියෙන කම් මේ රට හදන්න බැහැ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න