දුම්රිය ගාස්තු සංශෝධනය : අද සිට ක්‍රියාත්මකයි !

දුම්රිය ගාස්තු සංශෝධනය : අද සිට ක්‍රියාත්මකයි !

දුම්රිය ගාස්තු සංශෝධනය අද(01) දිනයේ සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ගාස්තු සංශෝධනයට අනුව සියයට 15කින් පමණ දුම්රිය ගාස්තුව ඉහළ යනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වසර 10කට පසුව මෙම ගාස්තු සංශෝධනය සිදුකර  ඇති අතර මේ යටතේ දුම්රිය අවම ගාස්තුව සංශෝධනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු ද සංශෝධනය වන අතර ප්‍රවේශපත්‍ර සඳහා මෙතෙක් අය කළ ප්‍රතිශතයේ වෙනසක් සිදු නොවන බව සඳහන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න