ෆේස්බුක් භාවිතා කරන සාමාජිකයන් මිලියන 50 අධික ප්‍රමාණයකගේ ගිණුම් දත්ත හදුනා නොගත් පාර්ශවයක් වෙත ලැබී ඇති බව එම සමාජ ජාල අඩවියේ අයිතිකරු වන මාක් සකර්බර්ග් විසින් ඔහුගේ ගිණුමේ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින බව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය නිවේදනය කරයි.
ඊට අනුව මිලියන 50 කට අධික ගිණුම් ප්‍රමාණයක දත්ත ෆේස්බුක් ගිණුම් තුල ඇති“view as” නැමති පහසුකම යොදාගෙන බව මාක් සකර්බර්ග් සදහන් කරයි.
අදාළ නිවේදනයේ මෙසේද සඳහන් කර ඇත.
View As කියන්නේ Privacy පහසුකමක්. මෙම පහසුකමෙන් ඔබගේ ෆේස්බුක් ගිණුම අන් අයට දර්ශනය වන ආකාරය නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ තුල තිබුන Facebook Access Tokens භාවිතයෙන් තමයි මෙම දත්ත සොරාගැනීම ෆේස්බුක් ආයතනයට නොදැනෙන ලෙස සිදුවී තිබෙන්නේ. මේ Tokens භාවිතයෙන් ෆේස්බුක් අඩවියට ඇතුළුවුන සාමාජිකයෙක්ට නැවතත් ගිණුමේ මුරපදය ඇතුලත් නොකර ෆේස්බුක් අඩවියට ඇතුලත් වීමට හැකියාවක් පවතිනවා.
ෆේස්බුක් ආයතනය මේ පිලිබදව සොයාගෙන තිබුනේ ඊයේ දිනයේදී පමණ වන අතර මේ වනවිට එම ගැටලුව නිරාකරණය කර අවසන් බව ෆේස්බුක් ආයතනය සදහන් කරනවා.එහෙත් ෆේස්බුක් ආයතනයෙන් එලියට පිටවූ මිලියන පනහකගේ ගිණුම් තොරතුරු සදහා ඔවුන්ට කිසිවක් කළනොහැකි බවද දන්වා සිටිනවා..
මේ තත්වය පිලිබදව ශ්‍රී ලාංකික ජනයා දැනුවත් කරන ලෙස ෆේස්බුක් ආයතනය ශ්‍රී ලංකා පරිවර්තන සමුහය( ශ්‍රී ලංකා ෆේස්බුක් පරිවර්තන සමුහය ) පසුගිය 29 වනදා දැනුම්දී ඇති බවද එහි දැක්වේ.

