දුම්රිය මාර්ග නඩත්තු කටයුතු වලට යොදාගන්නා දෙපාර්තමේන්තුව සතු සක‍්‍රීය මට්ටමේ පවතින එකම ටැමිපිං යන්ත‍්‍රය මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා චීන ජාතික සමාගමකට ලබා දීම නිසා ශ‍්‍රී ලංකා රජයට ප‍්‍රමාද ගාස්තු ලෙස ලබාගත හැකිව තිබූ රුපියල් කෝටි ගණනක මුදලක් අහිමි වන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
දුම්රිය වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් එහි සමකැඳවුම්කරු නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර අමෙරිකානු ඩොලර් මිලියන 278.2 ක එනම් රුපියල් මිලියන 41730 කට අධික වියදමක් කරමින්, චීන ජාතික යන්ත්‍රෝපකරණ ආනයන හා අපනයන සමාගම කි.මී. 27 ක මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිිකිරීමේ කටයුතු ආරම්භ කරන ලැබුවේ 2013 අගෝස්තු මාසයේදී බවත් 2016 අගෝස්තු මාසය වන විට මෙම ව්‍යාපෘතියේ කටයුතු අවසන්කර දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දිය යුතු වුවත්, එසේ කිරීමට අදාල සමාගම අපොහොසත්ව ඇති බවද එහි සඳහන් කර ඇත.
අදාළ නිවේදනයේ වැඩි දුරටත් මෙසේද සඳහන් කර ඇත.
මෙම ප්‍රමාදවීම සිදුවූ අවස්ථාවේදී ද ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මැදිහත්වී එම ව්‍යාපෘතියේ කාලය 2017 සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීම නිසා එම සමාගමෙන් අයකර ගත යුතු ප‍්‍රමාදගාස්තු අයකර ගැනීමට නොහැකි විය. 2018 වසර අවසන් වන තුරුත් මෙම ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට නොහැකි වී ඇත්තේ දුම්රිය මාර්ග ඉදිකිරීමට මෙම සමාගමේ අති අපොහොසත්කම නිසාය. ඒ අනුව මෙම සමාගම අසාධු ලේඛන ගත කළ යුතු සමාගමකි.
තත්වය එසේ තිබියදී, දුම්රිය දෙපාර්තමේන්තුව සතු සක‍්‍රීය මට්ටමේ පවතින එකම ටැම්පිං යන්ත‍්‍රය මෙම සමාගමට ලබාදීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කර ඇත. ඒ අනුව අදාල සමාගමෙන් අයකර ගතයුතු රුපියල් කෝටි ගණනක ප‍්‍රමාදගාස්තු (Demurrage) ශ‍්‍රී ලංකා රජයට අහිමිවී ඇත. එපමණක් නොව මෙම ටැම්පිං යන්ත‍්‍රය පැවරීමේදී නඩත්තුව පිළිබඳව ගිවිසුමකට හෝ එකඟතාවයකට පැමිණ නැත. එවැනි තත්වයක් මත මෙම යන්ත‍්‍රයට කවරහෝ හානියක් සිදුවුවද එය දුම්රිය දෙපාර්තමේන්තුව විඳ දරාගත යුතුව ඇත. මේ තත්වය මත මෙම චීන ජාතික සමාගම අසාධු ලේඛන ගත කරන ලෙසත්, මෙම ඉදිකිරීම් කටයුතු සඳහා දෙපාර්තමේන්තුව සතු ටැම්පිං යන්ත‍්‍රය පැවරීම වහාම අවලංගු කරන ලෙසත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.
මේ සම්බන්ධයෙන් ඔබ තුමා ගනු ලබන කි‍්‍රයාමාර්ගය පිළිබඳව අප සන්ධානය දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටිමු.

