නාලක සිල්වාගේ  කාමරය සීල් තබයි !

 නාලක සිල්වාගේ  කාමරය සීල් තබයි !

කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති, නාලක සිල්වාගේ නිල කාමරයට පසුගිය සිකුරාදා (28)  සීල් තබා ඇතැයි වාර්තා වෙයි.

එම  නිල කාමරයට සීල් තැබීමට පෙර එහි තිබූ ලැප්ටොප් පරිගණක දෙකක්ද ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන ඇති බවද  දැනගන්නට තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කුමන්ත්‍රණය කළ බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  කළ පැමිණිල්ලක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා  අනිවාර්ය නිවාඩු යවා ඇත.

මෙම කුමන්ත්‍රණයට අදාල සංවාද පටිගත කෙරුණු ජංගම දුරකථනයක් ද, නාමල් කුමාර  විසින් පරීක්ෂණ සඳහා රහස් පොලිසියට බාරදෙනු ලැබු අතර ඉන් පසුව අධිකරණ නියෝගයක් අනුව රජයේ රස පරීක්ෂකවරයා විසින් නාමල් කුමාර මහතාගේ හා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කටහඬ පරීක්ෂා කරනු ලැබීය. 

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මේ සතියේ රහස් පොලිසියට කැඳවා මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට ද නියමිත බවද  දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න