අධිවේග විදුලි දුම්රිය ව්‍යාපෘතිය : ඇමති මලික්ව යටකරයිද ?

 අධිවේග විදුලි දුම්රිය ව්‍යාපෘතිය : ඇමති මලික්ව යටකරයිද ?

අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතියට අවසර දීමට රාජ්‍ය අමාත්‍ය  සුජීව සේනසිංහගේ නියෝජිතයකු 10%ක   කොමිස් ඉල්ලු බව සාක්ෂි සහිතව ඔප්පු කිරිමට  සිලෝන් හයිස්පීඩ් රේල්වේ ලිමිටඩ්  සමාගම සතුව සියළු දෑ තිබියදිත් ආයෝජන මණ්ඩලය මාධ්‍යහමු පවත්වමින් ජනතාව නොමග යවන බව මෙහෙයුම් අධ්‍යක්ෂ නික්ලස් ශ්‍රීමාල් පවසයි.

අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එසේම අදාළ අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතිය ප්‍රමාදවීමට අදාළව 2018-10-05 වනදා ආයෝජන මණ්ඩලය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේ තිබූ සියළු කරුණු තමන් ප්‍රතික්ෂේප කරන බවත් එම සමාගම සඳහන් කරයි.

එසේම "ඩෙලී මිරර්” පුවත ප්‍රතික්ෂේප කරමින් සිලොන් හයිස්පීඩ් රේල්වේ සමාගම කියා සිටින්නේ  මෙම ව්‍යාපෘතිය සදහා කිසිඳු මුදලක් තම සමාගම රජයෙන් ඉල්ලා නැති බවය. 

එසේම මේ  ව්‍යාපෘතියේ  සම්පුර්ණ වියදම ආයොජකයන් විසින් දරණ බවත් රජයෙන් ඉල්ලා ඇත්තේ ව්‍යාපෘතිය සදහා අනුමැතිය සහ ප්‍රාග්ධන බදු සහන පමණක් බවද සමාගම පවසයි. 

ඒ අනුව මේ වන විටත් එක් පසෙකින් අපේක්ෂිත ආකාරයට ආයෝජකයන් නොමැතිවීම, රටට ඩොලර් පැමිණීම වෙනුවට ඩොලර් වේගයෙන් රටින් පිටට ඇදීයාමේ ප්‍රවණතාවක් පවතින බැවින් මෙම සිදුවීම සම්බන්ධව  බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇත. 

ඒ අනුව යමින් තම සමාගමේ පාර්ශවයෙන් කරුණු පැහැදිළි කිරීමේ අපේක්ෂාවෙන්  සිලෝන් හයිස්පීඩ් රේල්වේ ලිමිටඩ්  සමාගම මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබූ අතර එහිදී පහත කරුණු අවධාරණය කෙරිණ.

01) මෙම වයාපෘතියට අක්කර 4000 ක ඉඩම් ඉල්ලිම :

* නිපදවන දුම්රිය කට්ටල අපනයනයට පෙර ධාවන තත්ත්වය පරීක්ෂාවකට ලක් කළ යුතු වේ. එම පරික්ෂණය ගැණුම්කරුවන් ඉදිරියේ සිදු කල යුතු අතර එම පරික්ෂණයෙන් පසු පමණක් අපනයනය කිරිමට සමාගම හට අවසර ලැබේ.

* නව මාදිලියේ දුම්රියක් නිෂ්පාදනය කල විට එම නව නිර්මාණය වැඩි දියුණු කිරිමට කර්මාන්ත ශාලාවට සමීපයේම ධාවන පථයක් අවශය වීම.

(A) ශ්‍රී ලංකාව තුල දුම්රිය 100% ක්ම නිෂ්පාදන කිරීමට හැකි වීෙ. එම නිසා ලංකාවට නිෂ්පාදන සහතිකය ලැබේ.

(B) ඉහත සහතිකය මගින් දුම්රිය කට්ටලයේ මුලු වටිනා කම ලංකාවේ මහ බැංකුවට ලැබේ.එමගින් ලැබෙන විදේශ ආදායම ඉතා විශාල ප්‍රමාණයක් වෙයි.

(C) ඩොලරය පහල බසී(රුපියලේ අගය වැඩී වේ).

(D) විදේශ වෙළඳ  හිගය අඩු වේ.

(E) දුම්රියේ අයු කාලය වසර 40ක් පමන වන බැවින් වසර 40ක කාලයකට අමතර කොටස් වෙළඳාමෙන් අඛණ්ඩ ආදායමක්  ලංකාවට ලැබේ.

02). කෙරවල පිටියේ අක්කර 600ක ඉඩමක් හා එයට යාබදව උස්වැටකෙයියාව මුහුදේ ජැටියක් සමාගමේ  වියදමින් ඉදිකිරිම සහ නැව් දෙකකට අවසර ඉල්ලිම :

(A)මෙම ව්‍යාපෘතියේ  අපනයන ප්‍රවාහන ගැටලුව මුලුමනින්ම විසදීම.

(B)අධික බර සහිත දුම්රිය එන්ජින්, පාලම් කොටස් හා උමං හාරන යන්ත්‍ර නැව්ගත කිරිම සදහා ප්‍රවාහනය  කිරීමේදී  ලංකාව තුල පාරවල් සහ පාලම් වලට හානි නොවීම.එමගින් මාර්ග තදබදය සදහා අප ව්‍යාපෘතියේ බලපෑම අඩුවීම.

(C) ව්‍යාපෘති   යොජනාවේ ඇති සිලූම නිෂ්පාදනයන්‍ නිපදවීමට හැකි වීම.( ප්‍රවාහන ගැටලු මග හැරිම නිසා)

(D) එමගින් යොජනාවේ දක්වා ඇති වාර්ෂික වියදේශ ආදායම යුරෝ බිලියන 05 කට අධික  සෘජු ස්ථාවර ආදායමක් ලංකාවට ලැබීම.

(E)ආයොජකයන් තවදුරටත් ආයොජනය කිරීමට කැමතී වීම.(ආයොජකයන් ධෛර්යමත් වීම).

(F).නිෂ්පාදන අපනයනය කටයුතු කිරිමට සදහා නැව් දෙකක් මිලදී ගැනීමට සමාගම විසින් අවසර ඉල්ලා ඇත.

03).ආයොජන කලාප නවයක්(09) :

*මෙම ව්‍යාපෘතිය  මගින් අමතර කොටස් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා 34ක් ආරම්භ කිරිමට නිමිත බැවින් ඒ සදහා විවිධ වු ශ්‍රම‍ය ලබාගැනීමට පහසු වීම.

*හදිසී ගිනි ගැනීමක් හෝ ස්වභාවික  ආපදාවක් ඇති වුවයහොත් නිෂ්පාදන්‍ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම. භාණ්ඩ නියමිත කාලය තුල අවසන්‍ ගැණුම්කරුවන්ට ලබා දීමට නොහැකි වුවයහොත් විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවීම.(සමහර අවස්තාවල මුළු ඇනවුමම අවලංගු වීම)වලක්වා ගැනිමට.

*මෙම ව්‍යාපෘතියේ  ආයෝජනය කරන්නේ තනි ආයොජකයන් නොවන නිසා ඔවුන්ගේ දෙපල කොටස් වෙන වෙනම පවත්වායගෙන යාමට හැකි වීම.

*ශ්‍රමිකන්ගේ අනපෙක්ෂිත වැඩ වර්ජන වලට මුහුණ දී නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම.

*තත්ත්ව පාලනය   ඉතා යහපත් තත්ත්වයක පවත්වායගන්‍ යාම.

04). පෞද්ගලික විශ්වවිදයාලයක් ආරම්භ කිරීම :

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා ඉතා විශේෂිත වූ ශ්‍රමිකයන් අවශය වේ. ලංකාවේ දැනට පවතින ශ්‍රම වෙළදපලෙන් එම අවශ්‍යතාවය  සපුරා ගැනීමට න්‍ොහැක.විශ්ව විද්‍යාලයෙන් අවශ්‍ය  සියලුම ආකාරයේ  සේවකයින් වෙත අධ්‍යාපනය  හා පුහුණුව ලබා දී ඉතාලියෙ පිහිටි “පොලිටෙක්නිකෝ දී මිලානෝ” විශ්වවිද්‍යාලය  සමග අනුබද්ධව  ඩිප්ලෝමා සහ උපාධි  ලබාදීමට බලාපොරොත්තු  වේ.

(සියලූම අධයාපන නොමිලේ ලබා දීමටද බලාපොරොත්තු  වේ).පසුව ඔවුන් වසර 05 ක කාලයක් සමාගම සමග සේවය කලයුතු වේ.තවත් වැදගත් කරුණක් වනුයේ අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදන ක්‍රියාවලි ( safty production frocess)ආරක්ෂා කාරී නිෂ්පාදන ක්‍රියාවලියක් වේ. 

මෙම ක්‍රියාවලියට දායක වන සියලු සේවකයින් සෑම මාස 06 කට වරක්ම මානසික හා ශාරීරික වෛද්‍ය හා මානව ධාරිතා පරික්ෂණයකට භාජනය කොට ඒක පුද්ගල සහතික පතක් ලබාගත යුතුවේ.එම සහතික පත ලත් පුද්ගලයන් පමනක් දුම්රිය නිෂ්පාදනය කල යුතු වේ.(මෙය යුරෝපයේ නීතියයි).මෙම අවශයතාවය සපුරා ගැනීමට යුරෝපීය තත්ත්වයෙන් යුත් හා යුරෝපයේ පිළිගත් විශ්ව විද්‍යාලයක්  විය යුතුවේ.

එසේ නොමැති නම් යුරෝපයේ පිහිටි විශ්ව විද්‍යාලයක් සමග සම්බන්ධ විය යුතු වේ.මෙම අවශයතාවය ව්‍යාපෘතියට ඉතාමත් වැදගත් වේ. එසේ නොමැති නම් අපගේ දුම්රියන්ට යුයරොපයේ ධවන ආරක්ෂක බලපත්‍රය ලබා ගැනීමට හැකියාවක් නොමැත.

05). පෞද්ගලික  වාණිජ බැංකුවක් ආරම්භ කිරිමට අනුමැතිය ඉල්ලීම :

(A)ආයතනය මගින් නිපදවන දුම්රිය මිලදී ගන්නා ගැණුම්කරුවන්ට බැංකු පහසුකම් සැලසීමට.

(B)ලීසින් (කල්බදු පහසුකම්)ගැනුම් කරුවන්ට ලබා දීමට.

(C)මුලය පහසුකම් ලබා දීමට ණයවර ලිපි ආරම්භ කිරීමට.

(D)බැංකු වගකීම් පත් නිකුත් කිරීමට.

(E)ජංගම ගිණුම් පවත්වාගෙන යාමට.

ඉතා වැදගත් කරුණු කිහිපයක් :

*මෙම බැංකුවේ ප්‍රාග්ධනය ලෙස යොදවන්නේ ආයොජකයන්ගේ මුදල් පමනී.(කිසි විටෙක ලංකාවේ පුරවැසියන්ගේ මුදල් තැම්පත් ලබාගන්නේ නැත)
*ස්විට්සර්ලන්තයේ බැංකු වල මුදල් තැන්පත් කල විට තැන්පත් කරු හට එම බැංකුව විසින් මුදල් ගෙවන්නේ නැත. තැන්පත් කරු විසින් බැංකුව හට ගාස්තුවක් ගෙවිය යුතුවේ. ඒ මන්ද එම මුදල් අරක්ෂාකර තබා ගැනීම සදහා.

06). විදේශ මත්පැන් සහිත සුපිරි නේවාසිකාගාර සදහා අවසර ඉල්ලීම :

සමාගමේ මුළු ශ්‍රී ලාංකික සේවකයන් ගණන  22500ක් පමණ  වේ.ලංකාවේ ශ්‍රමිකයන් විදුලි දුම්රිය නිෂ්පාදනය සදහා දැනුමක් නොමැති බැවින් එම ශ්‍රිලාංකික ශ්‍රමිකෙන් 10 දෙනෙකුට එක් පලපුරුදු යුරෝපිය ජාතිකයකු බැගින් යොමු කල යුතුවේ. එනම් 2500කට අදික ඉන්ජිනේරුවන්  පිරිසක් ආයොජන කලාප 09 තුල සේවය කල යුතුවේ.

එනම් සමාගම විසින් එම සේවකයන් මෙරටට ගෙන්විය යුතුවේ.විදේශ ජනතාව තම බිරිඳ, ස්වාමිපුරුෂයා,පෙම්වතා,පෙම්වතිය නොමැතිව දින කිහිපෙකටවඩා තම නිවසින් පිටව සිටින්නේනැත.එනම් අවම වශයෙන් 5000කට අධික ප්‍රමානයක් ආයතනය විසින් ආහාර,නවාතැන්පහසුකම්,සෞඛ්‍යය පහසුකම් සලසා දියයුතු වේ. මෙම යුරොපිය ජාතිකයින් පානය කරන වයින්,විස්කී හා විශේෂිත බීම වර්ග හා බියර් වර්ග වියශේෂිත ආහාර,රාත්‍රී සමාජ ශාලා කර්මාන්ත පුරය තුල ඔවුන් හට ලබා දිය යුතුවේ. එසේ නොමැති නම් මෙම යුරෝපිය ජනතාව  ලංකාවේ වාසය කිරිමට පැමිණෙන්නේ  නැත. එමගින් ලංකාවට නව තාක්ෂණය ගලා නොයේ. මෙම තාක්ෂණය නොමැතිව  අධිවේගී  විදුලි දුම්රිය නිපදවීම කල නොහැකිය.

මෙම කර්මාන්ත පුරයේ නේවාසිකාගාර සදහා ගෙන්වන විදේශ මත්පැන් හෝ අනෙකුත් භාණ්ඩ කිසි විටෙක දේශිය වෙළදපලට මුදා නොහැරේ.

07). හෙලිකොප්ටර් හතරට අවසර ඉල්ලිම :

ආයොජකයන් තමනගේ ගමන් යන්නේ තමන්ගේම පෞද්ගලික ව්‍යාපාරික  ජෙට් මගින්ය.ඔවුන්ලංකාවටද පැමිණෙන්නේ නේ එම ජෙට් මගින් ය. ඔවුන්ගේ ලංකාව ඇතුලත ගමන් කිරිම සදහා සහ ගැනුම් කරුවන් ලංකාවට පැමිනි විට ප්‍රවාහන පහසු කම් කඩිනම් කිරිමට හෙලියකොප්ටර් 04ක් ගෙන ඒමට අවසර ඉල්ලා ඇත.

*මෙම හෙලියකොප්ටර් ලංකාවේ වෙළදපලට සේවය සදහා සපන්යනේ නැත.මෙම හෙලියකොප්ටර් 04රේ ජීවකාලය අවසානයේ නැවත අපනයනය කරනු ලබයි.

08).ජංගම දුරකථන 10,000ක් ආනයනය කිරිමට අවසර ඉල්ලීම :

මෙහි සේවක ප්‍රමාණය  25,000 ක් පමණ  වේ. ජංගම දුරකථන  10,000 සෑහෙන්නේ නැති අතර මෙම ජංගම දුරකථන ලබාදෙන්නේ ඇමතුම් ලබාගැනීමට පමණක්  නොවේ.  අමුද්‍රවය ගබඩාවේ ඇති පරිඝනක පද්දතියට ඇතුලු වී අවශ්‍ය  ඇනවුම් කිරිමටය.

09). ව්‍යාපෘතියට  අවශ්‍ය ඛණිජ තෙල් සහ අමතර කොටස් හා බලශක්තිය සියලු බදුවලින් නිදහස්කිරිමට ඉල්ලීම :

*මෙම  ව්‍යාපෘතිය  සදහා විශාල විදුලියක් අවශ්‍ය වේ.මෙම විදුලි ධාරිතාව ලංකාවේ දැනට පවතින විදුලි බලයෙන් 20% කී.මෙය විශාල විදුලි එකක ප්‍රමානයකි. එබැවින් මෙම  ව්‍යාපෘතිය  සදහා විදුලිය නිෂ්පාදනය කර ගැනිමට අවශ්‍ය විදුලි උත්පාධක යන්ත්‍ර ක්‍රියා කරවීම සදහා භාවිතා කරන ඉන්දන ගෙන්වීම සදහා සහන අවශය වේ.

10).ප්‍රාග්ධන භාණ්ඩ සදහා ආනයන බදු ,පැල්,සෙස්, ජාතිය ගොඩ නැගීමේ බදු හා අනේකුත් ගාස්තුවලින් නිදහස්ව භාණ්ඩ ආනයනය කිරීමට අවසර ඉල්ලීම :

*ඉතාලියේ සමාගමක් විසින් ජර්මනියේ යහ යුරෝපයේ අනෙකුත් සියලු රට වල හෝ ලංකාවේ හෝ අයමරීකා එකසත් ජනපදයේ හෝ අන් සමහර රට වල යන්ත්‍ර උපකරන හෝ ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය කිරීයම්දී කිසිදු බදු මුදලක් අය කරන්නේ නැත. ආයොජකයන් මෙම කිසි බදු වරගෙක් ලංකා රජයට ගෙවීමට එකග නැත.එම බදු ලංකාවේ ගැටලු නිසා යොදවා ඇති බව ඔවුන්ගේ මතයයි.

11).සමාගම් ආදායමින්වලින් 95% ක් බදුවලින් නිදහස්කිරිමට ඉල්ලිම :

*ආයෝජකයන් දැනට ඔවුන්ගේ සමාගම් සදහා බදු ගෙවන ආකාරය අනුව එය  ස්විට්සර්ලන්තයේදී  5% කී.ඔවුන්ගේ එම ආයෝජන  ලංකාවට රැගෙන ඒමට නම් එම ප්‍රතිශතය සැලකිය යුතු ප්‍රමානයක් සදහා බදු ක්‍රමයක් හෝ බද්දෙන් සම්පුර්ණ නිදහස්කල යුතුවේ. ස්විට්සර්ලන්තයේ හොල්ඩින් බදු ප්‍රතිශතෙ 0% ක මට්ටමක පවති.(මෙවැනී විශාල අධි තාක්ෂණික ආයොජන වයාපෘතියක් සදහා රජයක් විසින් මීට වඩා පහසුකම් ලබා දිය යුතුවේ).

ආයතනය හට ඉහත ඉල්ලුම් කර ඇති සියලු පහසුකම් ලබා දීමෙන් හයිස්පීඩ් රේල්වේස් සමාගම විසින් පොරොන්දු වී ඇති රැකියා අවස්තා,විදේශ ආදායම්,තාක්ෂණික තොරතුරු සංක්‍රමනය හා අධිවේගී විදුලි දුම්රියන් 80% ක ප්‍රමානයක් ලංකාව තුල නිපද වීමට පොරොන්දු වන බව එම ආයතනය ආයොජන මණ්ඩලයට (BOI) දන්වා ඇත.

ජනපතිට සමාගම යවනු ලැබූ  ලිපිය : 

මේ සම්බන්ධව අදාළ සමාගම ජනාධිපතිවරයාවද දැනුවත්කර ඇත. පහත සබැඳියෙන් එය ද කියවීමට පුළුවන. 

එසේම මෙම ආන්දෝලනාත්මක ආයෝජනය සම්බන්ධව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් පසුගියදා  පාර්ලිමේන්තුවේ දී විශේෂ  ප්‍රකාශයක් කරනු ලැබීය. 

මලික්ගේ ප්‍රකාශය 
ගරු කතානායකතුමණි,

යම්යම් සමාජ මාධ්‍ය ජාල හා විශේෂයෙන් එක්තරා විද්‍යුත් මාධ්‍ය නාලිකාවක් මගින් මා අපකීර්තියට ලක්කිරීම සඳහා ඉලක්කගත උත්සාහයක යෙදෙන බව ඔබට දැනුම්දීමට කැමැත්තෙමි.

දින දහයකට පමණ ඉහතදී මා ජර්මණියේ නිල සංචාරයක යෙදෙන අතරතුර, අධිවේගී දුම්රිය නිපදවීමට හා අපනයනය කිරීම සඳහා ව්‍යාපෘති වාර්තාවක් ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කළ සිලෝන් හයිස්පීඩ් රේල්වේ නම් සමාගමක අධ්‍යක්ෂවරයකු විසින් එම ව්‍යාපෘතිය අනුමත කරගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 25 ක කොමිස් මුදලක් මා සහ රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටි බවට චෝදනා කර ඇති බව දැනගන්නට ලැබිණ. 

චෝදනාව අසත්‍යයි !

මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවකි. ඇත්ත වශයෙන්ම මා කිසිවිටකත් මෙම චෝදනා නගන පාර්ශවය හමුවී නොමැතිවාක් මෙන්ම ඔවුන් සමග කිසිදු කතාබහක් හෝ සිදුකර නොමැති අතර ඔවුන් කවුරුන්ද යන්න හෝ නොදන්නා බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

මෙහිදී ආයෝජන මණ්ඩලයට ඉදිරිපත්කරනු ලබන ව්‍යාපෘති යෝජනා එම මණ්ඩලය සහ ආයෝජන අනුමැතිය සඳහා වන තනිකවුළු කමිටුව (Single Window Investment Approval Committee) මගින් අනුමැතිය ලබාදීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියා පටිපාටිය පිළිබඳ දීර්ඝ වශයෙන් විස්තර කිරීමට අදහස් නොකරන්නේ ව්‍යාපෘති යෝජනා ඇගයීම සහ අනුමැතිය ලබාදීම පිළිබඳව ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් දැනටමත් සවිස්තරාත්මකව කරුණු දක්වා ඇති හෙයිනි. මෙම අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලියේ කිසිදු අදියරකදී ඇමතිවරුන්ගේ මැදිහත්වීමක් නොමැති බව අවධාරණය කළ යුතුය. මෙම තත්ත්වය යටතේ අදාල ව්‍යාපෘති යෝජනාව සම්බන්ධ වාර්තාවක් ලබා දෙන මෙන් ආයෝජන මණ්ඩලයට උපදෙස් දෙන ලද අතර එසේ ලබාගත් වාර්තාව සභාගත කිරීමට කැමැත්තෙමි.

එසේ ඉදිරිපත් කොට ඇති වාර්තාවේ එහි අන්තර්ගත මූලික කරුණු කිහිපයක් පෙන්වාදීමට අදහස් කරන අතර එමගින් මෙම ගරු සභාවේ ගරු මණ්ත්‍රීතුමන්ලා හට මෙම වාර්තාව අනුමත කළ හැකි මට්ටමේ එකක්ද යන්න තේරුම්ගත හැකි වනු ඇත. (කරුණාකර ඇමුණුම බලන්න)

මීට අමතරව පසුගිය සතියේදී පෙරකී මාධ්‍ය ආයතන විසින් මාගේ බැංකු ගිණුමට රුපියල් මිලියන 150 ක් (රුපියල් ලක්ෂ 1,500 ක්) බැරකිරීම සඳහා ලැබී ඇති බවත් මහ බැංකුව විසින් එම මුදල තහනම් කොට ඇති බවටත් චෝදනා එල්ල කරන ලදී.

මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවකි. මේ සම්බන්ධයෙන් මා විසින් ශ්‍රී ලංකා මහ බැකුවෙන් විමසීමක් කළ අතර එවැනි කිසිදු මුදලක් කිසිදු කැබිනට් ඇමතිවරයකුගේ ගිණුමකට ලැබී නැති බව මා හට දැනුම් දෙන ලදී.

කෙසේ වෙතත් එසේ මුදල් ලැබුණු කැබිනට් ඇමතිවරයකු සිටී නම් ඔහුට විරුද්ධව හැකි ඉක්මණින් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඉන්ස්පෙක්ටර් ජනරාල්වරයා ගෙන් ලිඛිතව ඉල්ලා සිටි අතර එම ලිපිය මේ සමග සභාගත කරමි.

ගරු කතානායකතුමණි, අප අපේක්ෂා කළ මාධ්‍ය නිදහස මෙයද? මෙය වල්බූරු නිදහස මිස වෙන යමක් නොවේ.

මෙම තත්ත්වය තුළ මා ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ වගකීමකින් තොර මාධ්‍ය මගින් මෙසේ අසත්‍ය පුවත් මවා පාමින් පාර්ලිමේන්තු මණ්ත්‍රීවරුන් අපකීර්තියට හා අපහාසයට ලක්වීම වැලැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. එසේ නොවුව හොත් කිසිදු ශිෂ්ඨසම්පන්න පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට නොඑනු ඇත.

මලික් සභාගත කළ ඇමුණුම 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න