විමල් - බැසිල් : අම්බලමට පොරකයි !

විමල් - බැසිල් : අම්බලමට පොරකයි !

භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව බැසිල් රාජපක්ෂ මහතා සිදුකරන ප්‍රකාශ සම්බන්ධව මන්ත්‍රී විමල් වීරවංශ දැඩිව විවේචනය කර ඇත. 
දේශපාලනයේදී අතරමඟ අම්බලම් නැති බවට බැසිල් රාජපක්‍ෂ මහතා විසින් පසුගියදා  ලංකාදීපයට කරන ලද ප්‍රකාශය සම්බන්ධව  මේ සතියේ වීරවංශ මන්ත‍්‍රීවරයා

පිළිතුරු දෙමින් මේ විවේචනය සිදුකර තිබේ. 

එහිදී වීරවංශ මන්ත්‍රී සඳහන් කරන්නේ,

‘තාවකාලික අම්බලම් නෑ. මෙහෙමයි සමහරුන්ට තාවකාලික අම්බලම් හැටියට පේන්නේ වැරදි දේවල්. මේක තාවකාලික අම්බලමක් නොවෙයි. මේක තාවකාලික අම්බලමක් හැටියට හඳුන්වන්න බෑ.

මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි අගමැති හැටියට පත් කිරීම අම්බලමක්ද. එතුමාගේ අදහසට අනුව ඇමැති මණ්ඩලයක් පත් කර ගෙන රට පාලනය කිරීම අම්බලමක් ද. ඒ ආණ්ඩු බලය තියාගෙන ජනාධිපතිවරණයකට එකට යන එක මෝඩ වැඩක්ද. මේ රට වෙන්න තියෙන විපත් වලක්වන එක අනුවණකමක්ද. රටට වෙන්න තියෙන විනාශ ඔක්කොම වෙන්න ඉඩ ඇරල අන්තිමට රට ගන්න එකද නුවනක්කාරකම.

ඒක නිසා කාට හරි පේනවනම් පාර්ලිමේන්තුවේ 113 හදාගෙන බලය ගන්න එක අම්බලමට යාමක් හැටියට ඒක වැරදි චින්තනයක්. වැරදි දැක්මක්. අම්බලමක නෙවෙයි එක එක්කෙනාට එක එක විදිහට ඒක පේන්න පුළුවන්.

නමුත් මොන විදියහට හරි රනිල් වික‍්‍රමසිංහගේ පරගැති බලය බිඳින්න ඔ්නෑ. ඒකට විරුද්ධව මොනවා හරි තර්ක ගොඩදානවා නම් එහෙම කරන්නෙ තනිව බේරා ගන්න මිසක් වෙන දේකට නෙවෙයි’

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න